04

E   |     |  

 දිනය: 2015-12-08   පිළිතුර ලබා දී ඇත 

0227/2015: ඩබ්ලිව්. ප්‍රදීප් මහතාගේ දරුවා: පාසලට ඇතුළත් කිරීම

227/’15

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      සුනාමි විපතින් හානියට පත් තම නිවස සඳහා සහාධිපත්‍ය නිවාසවලින් නිවසක් ලද, ඩබ්. ප්‍රදීප් මහතාගේ දරුවා, 2013 වසරේ මාතර, සුජාතා විද්‍යාලයේ පළමු පන්තියට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේද; 

(ii) එසේ නම්, ඊට අදාළ හේතු කවරේද;

(iii) ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප වී තිබේද;

(iv) එසේ නම්, ඊට අදාළ හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) එම ප්‍රතික්ෂේප කිරීම් වලින් පසුව, අදාළ දැරිය පාසලට ඇතුළත් කරගෙන, ඒ බව දැනුම් දෙන ලෙස දන්වා අමාත්‍යාංශ ලේකම් හා ජාතික පාසල් අධ්‍යක්ෂ විසින් විදුහල්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබේද;

(ii) එසේ නම්, එම ලිඛිත දැනුම් දීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගේ ප්‍රතිචාර කවරේද;

(iii) එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර දැරිය පාසලට ඇතුළත් කරගෙන නොමැති බව  දන්නේද;

(iv) එම දැරිය පාසලට ඇතුළත්කර ‍නොගැනීමට හේතු කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) එම ප්‍රතික්ෂේප කිරීමට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබේද;

(ii) එම දැරියට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-08

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ප්‍රතික්ෂේප වී නැත. ඩබ්ලිව්. ප්‍රදීප් මහතාගේ බිරිඳ වන අමිතා සමරවික්‍රම නමින් ඉදිරිපත් කර ඇති ඉල්ලුම් පත්‍රය 2013 වසරේ පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ඇත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අභියාචනා ප්‍රතික්ෂේප වී නැති අතර, අභියාචනා පරීක්ෂණයට ලක් කර ඇත.

(iv) අදාළ නොවේ.

(ආ) (i) මෙම ශිෂ්‍යාව පාසලට ඇතුළත් කරන ලෙස දන්වා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් හෝ ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් විදුහල්පති වෙත දැනුම් දී නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ලේකම්තුමා හෝ ජාතික පාසල් අධ්‍යක්ෂ විසින් ඉල්ලීම් කර නැත.)

(iv) 2012/19 චක්‍රලේඛ ප්‍රකාරව ආසන්න පදිංචි ගණය යටතේ මාර/සුජාතා විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කිරීමට අවශ්‍ය ලකුණු සපුරා නැත. ගෘහමූලික ගණය යටතේ පාසලට ඇතුළත් කිරීමේ අවසාන ලකුණ 91 වූ අතර, අයදුම්කාරිය උපයාගෙන ඇත්තේ ලකුණු 85කි.

(ඇ) (i) අදාළ නොවේ.

(ii) මාර/සුජාතා විද්‍යාලයට ඇතුළත් වීම සම්බන්ධයෙන් මෙම දැරියට අසාධාරණයක් සිදුවී නැත.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2016-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks