04

E   |     |  

 දිනය: 2016-01-27   පිළිතුර ලබා දී ඇත 

0210/2016: වැල්ලම්පිටිය හන්දියේ සිට අඹතලේ හන්දිය දක්වා මාර්ගය: සංවර්ධන කටයුතු

210/’15

 

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      කොළඹ-අවිස්සාවේල්ල මාර්ග සංවර්ධන කටයුතු වැල්ලම්පිටිය හන්දියේ සිට අඹතලේ හන්දිය දක්වා මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා දිනපතා එම මාර්ගයේ අධික රථවාහන තදබදයක් පවතින බව එතුමා දන්නෙහිද?

(ආ) දක්ෂිණ අධිවේගී මාර්ගයෙන්, කඩුවෙල සහ ක‍ඩවත හුවමාරුවලින් ඇතුල්වන රථවාහන ද එම මාර්ගය ඔස්සේ කොළඹ නගරයට පිවිසීමට පටන්ගැනීමත් සමඟ රථවාහන තදබදය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බැවින්, උක්ත මාර්ගය පුළුල්කර සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-01-27

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       එසේ විය හැකිය.

(ආ)     දක්ෂිණ අධි වේගී මාර්ගය ඔස්සේ සහ කඩවත - කඩුවෙල පිටත වටරටුම් මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙල පිවිසුමෙන් ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය ඔස්සේ කොළඹට පිවිසීමේදී  රථ වාහන තදබදයක් සිදු විය හැකිය.

            එබැවින්, ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලේ ණය ආධාර මත වැඩි දියුණු කිරීමේ කටයුතු 2016 වර්ෂය තුළදී ආරම්භ කිරීම සඳහා සැලසුම් කර ඇත. ඊට අදාළ ඉඩම් අත්පත් කර ගැනීමේ හා සේවා පහසුකම් විතැන් කිරීමේ කටයුතු කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2016-01-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks