පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
201/’15
ගරු අනුර දිසානායක මහතා,— විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් කවරේද;
(ii) ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(iii) වර්තමාන ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා මීට පෙර රාජ්‍ය ආයතනවල හෝ පෞද්ගලික ආයතනවල දැරූ තනතුරු කවරේද;
(iv) වෙළඳ කළමනාකරණය හා ප්‍රචාරණය සම්බන්ධයෙන් ඔහුට ඇති අත්දැකීම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති තනතුරේ වැටුප් වැඩි කිරීම සඳහා පසුගිය වසර දෙකක කාලය තුළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන තිබේද;
(ii) එසේ නම්, ඒ කවර දිනයකදීද; කවර ප්‍රමාණයකින්ද;
(iii) වර්තමානයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප, දීමනා සහ අනෙකුත් පහසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඔහුගේ මුළු වැටුප කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-03
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
|
නම |
තනතුර |
|
1 |
පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා |
සභාපති / අධ්‍යක්ෂ |
|
2 |
නිලන්ති පීරිස් මිය |
අධ්‍යක්ෂ |
|
3 |
ජී.ඩී. චන්ද්‍රා ඒකනායක මිය |
අධ්‍යක්ෂ |
|
4 |
ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා |
අධ්‍යක්ෂ |
|
5 |
ලෝරන්ස් පරාට්ස් මහතා |
අධ්‍යක්ෂ |
|
6 |
චෑන් චී බෙන්ග් මහතා |
අධ්‍යක්ෂ |
|
7 |
ජෙෆ්රි ජේයි බිලැට් මිය |
අධ්‍යක්ෂ |
|
8 |
ලායි චූන් ෆූන්ග් මිය |
අධ්‍යක්ෂ |
(ii)
පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා:
* විද්‍යාවේදී (කළමනාකරණ) ගෞරව විශේෂ උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
* පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - ගණකාධිකරණය හා මූල්‍ය කළමනාකරණය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
* රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය.
* ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය, වයඹ විශ්වවිද්‍යාලය.
නිලන්ති පීරිස් මහත්මිය:
* නීතිවේදී උපාධිය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය.
ජී.ඩී. චන්ද්‍රා ඒකනායක මහත්මිය:
* විද්‍යාවේදී විශේෂ උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලය.
* ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය, කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය.
* පශ්චාත් උපාධි ඩිප්ලෝමා - සංවර්ධන සැලසුම් උපාය මාර්ග
- ජාත්‍යන්තර සබඳතා
- ආර්ථික සංවර්ධනය
ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා:
* ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂවේදී උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
* ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
චෑන් චී බෙන්ග් මහතා:
* ආර්ථික විද්‍යාව හා ගණකාධිකරණය පිළිබඳ උපාධිය, එක්සත් රාජධානියේ නිව් කාසල් විශ්වවිද්‍යාලය.
ලෝරන්ස් පරාට්ස් මහතා:
* විදුලි සංදේශ පද්ධති පිළිබඳ විද්‍යාවේදී පශ්චාත් උපාධිය, එසෙක්ස් විශ්වවිද්‍යාලය.
* ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී පශ්චාත් උපාධිය, ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය.
* ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය.
ජෙෆ්රි ජේයි බිලැට් මහත්මිය:
* ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය, කැලිෆෝනියා විශ්වවිද්‍යාලය.
* ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී පශ්චාත් උපාධිය, ඔහියෝ විශ්වවිද්‍යාලය.
ලායි චූන් ෆුන්ග් මහත්මිය:
* වාණිජ්‍යවේදී උපාධිය, මෙල්බර්න් විශ්වවිද්‍යාලය.
* වරලත් ගණකාධිකාරී, මැලේසියානු ගණකාධිකාරී සංගමය.
(iii) * ගිණුම් සහකාර, මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ අංශය - 1985 ජූලි සිට 1986 ජූලි
* ගණකාධිකාරී (ව්‍යාපෘති), මාර්ග සංවර්ධන අධිකාරිය - 1986 ජූලි සිට 1987 ජූලි
* ගණකාධිකාරී IV පන්තිය (උතුරු කලාපය), මාර්ග සංවර්ධන අධිකාරිය - 1988 සැප්තැම්බර් සිට 1998 නොවැම්බර්
* ගණකාධිකාරී III පන්තිය, මාර්ග සංවර්ධන අධිකාරිය - 1989 ජනවාරි සිට 1999 දෙසැම්බර්
* ගණකාධිකාරී (විශේෂ ව්‍යාපෘති), මාර්ග සංවර්ධන අධිකාරිය - 1993 ජනවාරි සිට1994 දෙසැම්බර්
* ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී II පන්තිය, මාර්ග සංවර්ධන අධිකාරිය - 1999 ජූලි සිට 2003 දෙසැම්බර්
* ගණකාධිකාරී (ප්‍රසම්පාදන), මාර්ග සංවර්ධන අධිකාරිය- 2002 නොවැම්බර් සිට 2005 පෙබරවාරි
* අධ්‍යක්ෂ, මහවැලි ඉංජිනේරු සේවා සමාගම - 2004 මාර්තු සිට 2005 දෙසැම්බර්
* පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ සම්බන්ධීකරණ ලේකම් - 2005 මාර්තු සිට 2005 අගෝස්තු
* ක්‍රියාකාරී අධ්‍යක්ෂ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව - 2005.08.01 සිට 2005.12.19 දක්වා
* ක්‍රියාකාරී අධ්‍යක්ෂ, රාජ්‍ය දැව සංස්ථාව - 2005.12.20 සිට 2005.12.28 දක්වා
* වැඩබලන සාමාන්‍යාධිකාරී, රාජ්‍ය දැව සංස්ථාව - 2006.01.02 සිට 2006.06.14 දක්වා
* ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, රාජ්‍ය දැව සංස්ථාව - 2006.06.15 සිට 2015.01.23 දක්වා
* ප්‍රධාන උපදේශක, සීමාසහිත අරලිය සමාගම් සමූහය - 2006 සිට මේ දක්වා
* අධ්‍යක්ෂ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව - 2006.03.16 සිට මේ දක්වා
* අධ්‍යක්ෂ, ඉඩම් ප්‍රතිසංස්කරණ හා සංවර්ධන සමාගම - 2013.01.18 සිට මේ දක්වා
* අධ්‍යක්ෂ, එල්.ආර්.ඩි.සී. සේවා පුද්ගලික සමාගම - 2013.01.18 සිට මේ දක්වා
(iv) පෞද්ගලික හා රාජ්‍ය අංශයන් තුළ වසර 30කට අධික කාලයක් විවිධ විධායක තනතුරු හොබවමින් වර්තමාන සභාපතිවරයා ක්‍රියා කර ඇති අතර, ඒ තුළින් පහත සඳහන් අළෙවිකරණ විෂය ක්ෂේත්‍රයන් තුළ විශේෂ අත්දැකීම් සමුදායක් ඔහු සතු වේ.
* වෙළඳ කළමනාකරණය සඳහා අය වැය සැකසීම.
* අළෙවි සැලසුම් සැකසීම.
* අළෙවි කළමනාකරණය සඳහා අවශ්‍ය පර්යේෂණයන් හා අධ්‍යයනයන් සිදු කිරීම.
* නිවැරදි බෙදා හැරීමේ ජාල හඳුනා ගැනීම හා ස්ථාපනයන් සිදු කිරීම.
* අළෙවි කළමනාකරණ සිද්ධි අධ්‍යයනයන් තුළ කාර්ය මණ්ඩල පුහුණු කිරීම් සිදු කිරීම.
* ආයතනයන් තුළ නිවැරදි අළෙවිකරණ ක්‍රියාකාරකම් පවත්වා ගැනීම.
* පාරිභෝගික ශුභසාධනය හා ප්‍රජා ශුභසාධක ක්‍රියාකාරකම් සිදු කිරීම.
* ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේදයන් භාවිතා කිරීම.
* වෙළඳ පොළ තරගකාරීත්වය තුළ ඇති අවදානම් හඳුනා ගැනීම හා විශ්ලේෂණය.
* සන්නාම ප්‍රචලිත කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම.
* මහා පරිමාණ අළෙවි ව්‍යාපෘතීන් රට පුරා සිදු කිරීම හා පාරිභෝගිකයන් දැනුවත් කිරීම.
* හදිසි අළෙවි පර්යේෂණයන් සිදු කරමින් ආයතනයේ වෙළඳ පොළ තුළ වත්මන් තත්ත්වය අධ්‍යයනය කිරීම.
* සභාපතිවරයා සතු ඉහත අත් දැකීම් පාදක කොට ගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මතු දැක්වෙන සම්මානයන් ලබා ගැනීමට මඟ පෙන්වීම සිදු කර ඇත.
* "බිස්නස් ටුඩේ" හොඳම ව්‍යාපාර 10 සඳහා වූ සම්මාන අතුරින් 9වන ස්ථානය.
* ගෝලීය තත්ත්ව විශිෂ්ටතා සම්මානය 2015 උළෙලේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ලොව විශිෂ්ටතම ව්‍යාපාර සංවිධානය ලෙස හඳුනා ගැනීම.
* මානව සම්පත් කළමනාකරණ විශිෂ්ටතා සම්මාන 2015 උළෙලේදී ශ්‍රී ලංකා ටෙලිකොම් හොඳම මානව සම්පත් කළමනාකරණය සඳහා වූ සම්මානය දිනා ගැනීම.
* හොඳම තිරසාර පුරවැසි සහයෝගිතා සම්මානය 2015.
* ගොල්ඩන් ග්ලොබ් ටයිගර්ස් අවෝර්ඩ් 2015.
* ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මානය 2015.
* වසරේ තරුණ ව්‍යාපෘති කළමනාකරු 2015 සම්මානය.
* හොඳම රූපවාහිනී දැන්වීම් සඳහා වූ සම්මානය 2වන ස්ථානය සුමති සම්මාන උළෙල.
* හොඳම ආදර්ශය සඳහා වූ රන් සම්මානය "ටෙක්නෝ" 2015.
* හොඳම සමාජයීය සංඝට්ටනය සඳහා වූ රන් සම්මානය "ටෙක්නෝ" 2015.
* දුරස්ථ අධ්‍යාපන ප්‍රමුඛතා සම්මානය 2015, කොළඹ විශ්වවිද්‍යාලය.
(ආ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) දීමනා - රු. 444,444.00
අඩු කිරීම් (WHT) - රු. 44,444.00
Withholding tax එක අඩු කළාම දළ වැටුප රුපියල් 400,000යි. සමාගම විසින් නඩත්තු කරන වාහනයක් ලබා දී ඇත.
(iv) රුපියල් 400,000යි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-12-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks