පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
196/’15
ගරු විජිත හේරත් මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඒකාබද්ධව තිබූ උතුරු නැගෙනහිර පළාත් සභාව, උතුරු සහ නැගෙනහිර පළාත් සභා ලෙස වෙන්කළ අවස්ථාවේදී, නැගෙනහිර පළාතේ ස්ථිර පදිංචිකරුවන් වූ නිලධාරීන් 270ක් උතුරු පළාත් සභාවට අනුයුක්ත කරන ලද බවත්;
(ii) අවුරුදු 7 ක පමණ කාලයක් මෙලෙස පදිංචි ප්‍රදේශයෙන් බැහැරව සේවය කිරීමෙන් එම නිලධාරීන් විශාල අපහසුතාවයන්ට ලක්වී සිටින බවත්;
(iii) මෙම නිලධාරීන් නැගෙනහිර පළාතට ස්ථාන මාරු ලබාගැනීම සඳහා අවස්ථා ගණනාවකදී උත්සාහ කළද එය අසාර්ථක වූ බවත්;
(iv) නිලධාරීන් කීපදෙනෙක් පමණක් බලධාරීන්ගේ සහයෝගය මත ස්ථාන මාරු ලබාගෙන ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් එම පළාත් සභාවේ සේවය කිරීම සඳහා කරන සාධාරණ ඉල්ලීම ඉටුකරන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-03
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2016-01-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks