01

E   |     |  

 දිනය: 2015-12-10   පිළිතුර ලබා දී ඇත 

0188/2015: Principals not transferred in Jaffna Peninsula

188/’15

 

ගරු ඊ. සරවනපවන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වර්ෂ 7කට වැඩි කාලයක් අඛණ්ඩව එකම පාසලක සේවය කළ විදුහල්පතිවරු බොහෝ දෙනෙක් වෙනත් පාසල්වලට මාරු කර ඇති බව එතුමා දන්නෙහිද? 

(ආ)        (i)      යාපන අර්ධද්වීපයේ එකම පාසලක අවුරුදු 7කට වැඩි කලක් සේවය කළ සියලුම විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු ලබා දී තිබේද;

(ii) යාපන අර්ධද්වීපය තුළ ස්ථාන මාරු ලබා නොමැති විදුහල්පතිවරුන් සිටීද;

(iii) එසේ නම්, ඔවුන්ට ස්ථාන මාරු නොලැබීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-10

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks