04

E   |     |  

 දිනය: 2010-07-08   පිළිතුර ලබා දී ඇත 

0274/2010: Centre for policy Alternatives

0274/’10

ගරු රාජීව විජේසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) නමැති සංවිධානයක් පිළිබඳව එතුමා දන්නෙහිද?

(ආ)        (i)   මෙම සංවිධානය විදේශ අරමුදල්වල ප්‍රයෝජන ලබා තිබේද;

             (ii)      එසේ නම්, පසු ගිය දශකය තුළ, එක් එක් වර්ෂයේදී ලැබූ මුදල් ප්‍රමාණයන් කොපමණද;

(iii) එසේ ලැබුණු විදේශ අරමුදල් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඒවාද;

(iv) 2008 සහ 2009 වර්ෂවලදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි අනුබද්ධිත සංවිධානවල වියදම්වලින් විදේශ අරමුදල් විසින් දරන ලද කොටස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම සංවිධානය හෝ එහි සේවකයින්ගෙන් කිසිවකු ශ්‍රී ලංකාවේදී බදු ගෙවිය යුතුව තිබේද;

(ii) එසේ නම්, ඔවුන් ඒ පිළිබඳව සිය වගකීම ඉටු කර තිබේද;

(iii) මෙම සංවිධානයේ අධ්‍යක්ෂවරුන් සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ලබාගෙන ඇති වැටුප් සහ වෙනත් දීමනා කොපමණද;

(iv) එම වැටුප් හා දීමනා සම්බන්ධයෙන් ගෙවිය යුතු බදු ගෙවා තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පිහිටුවන ලද අනුබද්ධිත සංවිධානවල නම් සහ ඒවාට අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ කෙසේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-08

අසන ලද්දේ

ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks