E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

0178/ 2015 - ගරු (ආචාර්ය) ඒ. ආර්. ඒ. හෆීස් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 178/’15

       

      ගරු (වෛද්‍ය) ඒ. ආර්. ඒ. හෆීස් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      එම්. එම්. ඒ. නිෆ්රාන් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පදිංචිව සිටි දික්වැල්ල, යෝනකපුර, වෙදගෙදර, අංක 264/1 දරන නිවස, කඳු ආශ්‍රිත ප්‍රදේශයක පිහිටා තිබූ බවත්;

      (ii) 2012.09.22 දින ඇද හැලුනු වර්ෂාව නිසා කැඩී බිඳී ගිය එම නිවසෙහි  ඉතිරිව තිබූ මුළුතැන්ගෙයද,  2015.09.02 දින අලුයම 1.45ට පමණ යාබද පස් කඳු නාය යාම නිසා සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇති බවත්;

      (iii) මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් කළද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

       

      (ආ) කුඩා දරුවන් හා බිරිඳ සමග පවුලක් ලෙස ජීවත්වීමට තිබූ එම නිවස සම්පූර්ණයෙන් කැඩී බිඳී යෑමෙන් සහ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිකමින් අසරණභාවයට පත්ව සිටින නිෆ්රාන් මහතාට එම නිවස ඉදිකර දීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-11-21

අසන ලද්දේ

ගරු (ආචාර්ය) ඒ. ආර්. ඒ. හෆීස් මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks