01

E   |     |  

 දිනය: 2015-11-24   පිළිතුර ලබා දී ඇත 

0177/2015: සුනාමි ව්‍යසනය නිසා නිවාස අහිමි වූවන් : සායින්දමරුදු ප්‍රා.ලේ. කොට්ඨාසය

177/’15

 

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      සුනාමි ව්‍යසනය නිසා නිවාස අහිමිවූවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන්, අම්පාර දිසාපති/දිස්ත්‍රික් ලේකම් දැනුවත් කරන ලද ජනාධිපති ලේකම් කාර්යාලයේ 2010.09.30 දිනැති අංක SD/8/2 ලිපිය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ 2010.11.02 දිනැති අංක MNBD/06/AD/CO/16 ලිපිය සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ 2010.09.23 දිනැති අංක MDM/AS/DM/46 ලිපිය යන ලිපි පිළිබඳව ගනු ලැබූ පියවර කවරේද;

(ii) ඒවායේ වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) සුනාමි ව්‍යසනය නිසා අම්පාර දිස්ත්‍රික්කයේ, සායින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස අහිමි වූ පවුල් සංඛ්‍යාව කොපමණද;

(ii) ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

(iii) නිවාස අහිමිවූවන් අතරින් ‍මේ වනවිට ස්ථිර නිවාස ලබාදී ඇති පුද්ගලයින්ගේ නම් හා ලිපිනයන් කවරේද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-24

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)      සුනාමි ව්‍යසනය නිසා නිවාස අහිමිවූවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර ඇමුණුම 01* මඟින් ඉදිරිපත් කර ඇත.

               (ii)      සුනාමි ව්‍යසනයෙන් හානියට පත් පවුල් 711ක් සඳහා නිවාස ලබාදී ඇත. ඉතිරි පවුල් 104 තමන්ගේ හා නෑදෑයින්ගේ නිවාසවල පදිංචිව සිටින බව වාර්තා වී ඇත.  ඇමුණුම 02* බලන්න.

(ආ)          (i)      815කි.

               (ii)      එම ලැයිස්තුව ඇමුණුම 03* ලෙස ඉදිරිපත් කර ඇත.

(iii) එම ලැයිස්තුව ඇමුණුම 04* ලෙස ඉදිරිපත් කර ඇත. (i, ii, iii, iv, v, vi)

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks