01

E   |     |  

 දිනය: 2015-11-23   පිළිතුර ලබා දී ඇත 

0176/2015: සේනපුර ගම්මානයෙන් ඉවත් වූ පවුල්: පදිංචිය සඳහා ඉඩම් කට්ටි

176/’15

 

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  (1)

(අ)         (i)      වර්ෂ 1986 දී අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් අතරින් මහවැලි “බී” කලාපයේ, සේනපුර ගම්මානයේ පදිංචි කරන ලද පවුල් 38ක් පමණ, 1992.04.14 දින අලිංචිපොතාන ප්‍රදේශයට කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කිරීම නිසා ජීවිත ආරක්ෂාව පිණිස ප්‍රදේශයෙන් ඉවත් වූ බවත්; 

(ii) ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ සංවර්ධනය නොකරන ලද ඉඩම් අවලංගු කිරීමේදී එම ඉඩම් ඔවුන්ට අහිමි වූ අතර පදිංචිය සඳහා පමණක් ‍ගොඩ ඉඩම් ලබාදීම වෙනුවෙන් 2013.08.02 දින පරීක්ෂණයක් පවත්වන ලද බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) උක්ත පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය කවරේද;

(ii) මේ වනවිට පදිංචිය සඳහා ඉඩම් කට්ටි ලබාදීමට තෝරාගෙන ඇති පුද්ගලයින් ගේ නම් සහ ලිපිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-23

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)          (i)      එම ඉඩම් පරීක්ෂණය සඳහා (ආ) (ii)හි සඳහන් 38 දෙනා ඇතුළුව හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ 51 දෙනෙකු වෙත පරීක්ෂණයට ඉදිරිපත් වන ලෙස දැනුම් දෙනු ලැබුවත්, 21 දෙනෙකු පමණක් ඒ සඳහා ඉදිරිපත් වී ඇත.

              (ii)      ඇමුණුම* මඟින් ඉදිරිපත් කර ඇත.

(ඇ)      අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks