01

E   |     |  

 දිනය: 2015-11-28   පිළිතුර ලබා දී ඇත 

0174/2015: විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින් : නැවත සේවයේ පිහිටුවීම

174/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015.06.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ පිහිටුවීමට අදාළ අනුමතිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති බවත්;

 

(ii) ඉහත අනුමතිය ප්‍රකාරව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2015.07.17 දිනැති අංක ED/4/58/16/01/04 දරන ලිපියෙන්, විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් නැවත සේවයේ යොදවන මෙන් අදාළ සියලු පාර්ශ්වයන් වෙත උපදෙස් ලබා දී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) 2015 සැප්තැම්බර් 01 දින වනවිට, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා අයදුම් කර ඇති විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ නම් කවරේද;

(ii) ඔවුන් විධිමත් ලෙස නැවත සේවයේ පිහිටුවනු ලබන ‍දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2015-11-28

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ඔව්. පසුගිය වසර දෙක තුළ විශ්‍රාම ගිය මනා කාර්ය සාධනයක් සහිතව සේවය කළ නිලධාරින් නැවත සේවයේ යොදා ගැනීමට එමඟින් දන්වා ඇත.

(ආ)         (i)      2015.11.16 දින රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පහත සඳහන් නිලධාරින්ගේ අයදුම්පත් යොමු කර  ඇත.

                         (1)  ඩබ්ලිව්. කුලතුංග මහතා

(2)  ඩී.ඩී. වීරසේකර මහතා

(3)  කේ. සෝමසිරි මහතා

(4)  ආර්.කේ.ජී. පුංචිහේවා මහත්මිය

(ii) 2015.12.01 දින සිට 2016.06.01 දින දක්වා සේවයේ යෙදවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත නිර්දේශ කර යවා ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-11-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks