පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
173/’15
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් 2014 වසරේ ක්‍රියාත්මක කරන ලද “ගමෙන් ගමට—දොරින් දොරට” ව්‍යාපෘතිය යටතේ වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන මගින්, මාතර මහ නගර සභා බලප්‍රදේශයේ, පරමුල්ල, බෙහෙත් ගබඩාව පාර බෝක්කුව සංවර්ධනය කිරීම සඳහා මාතර මහ නගර සභාව සමග මාතර, වල්ගම උතුර, කොටිකාගොඩ රජමහා විහාර පාරේ, අංක 112/3, එකමුතු ගොවි සංවිධානය ගිවිසුම් ගත වූ බවත්;
(ii) ලිපිගොනු අංක ම.ම.න.ස/නා.ඉ.දෙ/wc-3/2014– දො.දො - 04 ගිවිසුම් ප්‍රකාරව, 2014 නොවැම්බර් 17 දින ඉදිකිරීම ආරම්භකර, 2014 දෙසැම්බර් වැඩ අවසන් කළ නමුත්, මෙතෙක් අදාළ කොන්ත්‍රාත් මුදල්, ගොවි සංවිධානය වෙත ගෙවා නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) අදාළ ඉදිකිරීම් අවසන් කර, ගෙවීම සඳහා බිල්පත් ද ඉදිරිපත් කර ඇති මෙම කොන්ත්‍රාත්තුවට අදාළ මුදල, වල්ගම උතුර එකමුතු ගොවි සංවිධානය වෙත මුදා හරින දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-27
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) නැත.
ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ඇත්තේ 2015.01.23වන දිනය.
(ආ) භාණ්ඩාගාර ලේකම් සමඟ 2015.11.02 දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම බිල්පත් පළාත් සභා ප්‍රතිපාදන මඟින් ගෙවීම් නිරවුල් කරන ලෙසත්, ඉන් අනතුරුව භාණ්ඩාගාරය විසින් ප්‍රතිපූරණය කිරීමටත් එකඟ වූ අතර, ඒ පිළිබඳව ප්‍රධාන ලේකම්වරුන් සමඟ 2015.11.17 දින පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී එකඟතාව පළ කරන ලදී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කරුණාරත්න පරණවිතාන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks