01

E   |     |  

 දිනය: 2015-11-24   පිළිතුර ලබා දී ඇත 

0171/2015: මාතර දිස්ත්‍රක්කයේ සංවර්ධන ව්‍යාපෘති : නැවත ඇරඹීම

171/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       දැයට කිරුළ සංවර්ධන වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භ කරනු ලැබූ සංවර්ධන ව්‍යාපෘති රාශියක් 2015 ජනවාරි මස සිට නතරකර දමා ඇති බවත්;

(ii) මෙම වසර තුළ පැවැත්වූ එකම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඒවා නැවත ආරම්භ කරන බව රජයේ දේශපාලනඥයින් හා නිලධාරීන් අවධාරණය කරනු ලැබූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) යෝජිත ස්ථානයෙහි, මාතර නව නගර සැලැස්ම ක්‍රියාත්මක කරන්නේද;

(ii) එසේ නම්, ඒ කවර දිනයකදීද;

(iii) නොඑසේ නම්, ඒ මන්ද;

(iv) මාතර නව නගර ශාලා සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කරන්නේද;

(v) එසේ නම්, ඒ කවර දිනයකදීද;

(vi) නොඑසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-24

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i) සහ (ii)   සඳහා පිළිතුර මෙසේයි.

           2014  දැයට  කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ විදුලි සංදේශ හා තොරතුරු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 20කුත්, පළාත් සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැදිහත් වෙලා තමයි ක්‍රියාත්මක කර තිබෙන්නේ. එම නිසා ඒ සියලුම ව්‍යාපෘති පිළිබඳව අපේ අමාත්‍යාංශයට තනියම පිළිතුරු ලබා දෙන්න පුළුවන්කමක් නැහැ. එහෙත් අපේ අමාත්‍යාඃශය යටතේ ඇති භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙන්නේ ඒ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ වින්‍යාස සැලැස්ම සකස් කිරීමයි.

  නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොටිවල පරිපාලන සංකීර්ණය, මාතර තානායම ප්‍රතිසංස්කරණය කිරීම, හක්මන  පරිපාලන සංකීර්ණය සහ තැපැල් කාර්යාලය ඉදිකිරීම  යන  ව්‍යාපෘති  සඳහා  සැලැස්ම පිළියෙල කිරීම පමණක් සිදු කර ඇත.

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත අංක ED/07/99/07/46/iii/2 දරණ 2014.12.09 දිනැති ප්‍රදානය කිරීමේ ලිපිය මඟින් (Letter of Award)  ප්‍රදානය කළ අතර ඒ සඳහා 2014.12.23 දිනැති ලිපිය මඟින් අත්තිකාරම් මුදලක් ඉල්ලුම් කළද 2014 වර්ෂය තුළ සංස්ථාව වෙත අත්තිකාරම් මුදල් ලබා නොදීම හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොමැත.

(ආ) (i) නව නගර සංවර්ධන සැලැස්ම සංශෝධන සහිතව දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය හා පළාත් සභාව සමඟ සම්බන්ධීකරණය වෙමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

(ii) නව නගර සංවර්ධන සැලැස්මට අදාළ ව්‍යාපෘති රාශියක් දැයට කිරුළ සංවර්ධන වැඩසටහන් යටතේ ආරම්භ කර ඇති අතර, එම ව්‍යාපෘතිවලින් කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබයි.

(iii) අදාළ නොවේ.

(iv) ඔව්.

(v) යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ඉඩම දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය වෙත අත්පත් කරගෙන ඇති අතර, දැනට ව්‍යාපෘතියට අදාළ මූලික පාරිසරික ඇගයීම් වාර්තාව (IEE) සකස් කිරීම සිදු කරමින් පවතී.

(vi) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2015-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks