04

E   |     |  

 දිනය: 2015-11-30   පිළිතුර ලබා දී ඇත 

0170/2015: School and Rural Sports Grounds developed 2010-2015 - Kandy District

170/’15

 

ගරු ලකී ජයවර්ධන මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2010 සිට 2015 අතර කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රීඩාපිටි සහ ග්‍රාමීය ක්‍රීඩාපිටි වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන්කිරීමක් සිදු කර තිබේද;

(ii) එසේ නම්, ඒ සඳහා වෙන්කර ඇති මුළු මුදල කොපමණද;

(iii) දිස්ත්‍රික්කය පුරා එම මුදලින් ඉදිකළ ක්‍රීඩාපිටි සංඛ්‍යාව කොපමණද;

(iv) එම ක්‍රීඩාපිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ඒ සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මුදල් වෙන් කර වැඩ අවසන් වූ ක්‍රීඩාපිටි තිබේද;

(ii) එසේ නම්, ඒවා කොට්ඨාස අනුව කවරේද;

(iii) වැඩ අවසන් නොවී ඇති ක්‍රීඩාපිටි සංඛ්‍යාව කොපමණද;

(iv) ඒවායේ වැඩ අවසන් කිරීමට තවදුරටත් අවශ්‍ය වන මුදල කොපමණද;

(v) එම මුදල් ලබා දීමට කටයුතු කරන්නේද;

(vi) එසේ නම්, එම දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-30

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks