04

E   |     |  

 දිනය: 2015-11-28   පිළිතුර ලබා දී ඇත 

0169/2015: දිවි නැඟුම දීමනාලාභීන් : විස්තර

169/’15

 

ගරු ලකී ජයවර්ධන මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      පසුගිය රජය සමයේ දේශපාලන හේතූන් මත, දිවි නැගුම දීමනා නොලැබූ අඩු ආදායම්ලාභී පවුල් සිටින බව  එතුමා දන්නේද;

             (ii)      එසේ නම්, ඔවුන්ට ඉතා කඩිනමින් එම දීමනා ලබාදීමට කටයුතු කරන්නේද;

(iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දිවයින පුරා සිටින දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දීමනා ලබා දෙන  අඩු ආදායම්ලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

(ii) එම පිරිසට ලබාදෙන දීමනාවන්ගේ මුළු මාසික වටිනාකම කොපමණද;

(iii) මෙම දීමනා ප්‍රමාණයන් කාණ්ඩ අනුව වෙන්කර තිබේද;

(iv) ඉහත (iii) හි සඳහන්  කාණ්ඩ අනුව එක් එක් අයට ලබාදෙන දීමනා ප්‍රමාණයන් කවරේද;

(v) දිවයිනෙහි කාණ්ඩ අනුව දීමනා ලබාගන්නා පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(vi) 2015 ජනවාරි 08 දින බිහිවූ යහපාලනය තුළ දිවි නැගුම දීමනාලාභීන් සඳහා දීමනා වැඩිකර තිබේද;

(vii) එසේ නම්, වැඩි වූ දීමනා එක් එක් කාණ්ඩය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-28

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      විවිධ හේතු නිසා දිවි නැඟුම දීමනා/සහනාධාර නොලබන අඩු ආදායම්ලාභී පවුල් සිටින බව පිළිගනිමි. එම නිසා සහනාධාර ලැබිය යුතු අඩු ආදායම්ලාභීන් හඳුනාගැනීමේ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකිරීමට දැනට පියවර ගෙන ඇත.

              (ii)      ඉහත (අ) (i)   පරිදි සහනාධාර ලැබිය යුතු අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමට 2015.03.11 දින අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සමීක්ෂණයක් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත. මෙම දීමනා ලබා දීම සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් කර රාජ්‍ය පුවත් පත් වන දිණමිණ, ඩේලි නිවුස්, තිනකරන් යන පුවත් පත්වල දැන්වීමක් ලෙස 2015.10.28 දින පළ කරන ලද අතරම, මේ වන විට සමීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය නිලධාරින් පුහුණු කිරීමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් සිදුවේ.

(iii) මෙම සමීක්ෂණය දීප ව්‍යාප්තව සිදු කරන බැවින් හා ඊට විශාල පවුල් ප්‍රමාණයක් අදාළ වන නිසා සමීක්ෂණය මඟින් ලබා ගන්නා දත්ත හා තොරතුරු මත දිනය තීරණය කරනු ඇත. (අදාළ තොරතුරු  ඇමුණුම 01 වශයෙන් සභාගත* කරමි.)

(ආ) (i) 2015 නොවැම්බර් මසට අදාළව දිවි නැඟුම සහනාධාර ලබාදෙන පවුල් 1,456,583කි. දිස්ත්‍රික් වශයෙන් ප්‍රතිලාභීන්ගේ ප්‍රමාණයන් ඇමුණුම 02 වශයෙන් ඉදිරිපත් කර ඇත. ඇමුණුම 02 සභාගත* කරමි.

(ii) රුපියල් 3,475,993,860ක මුළු මාසික වටිනාකමක් දීමනා ලෙස ප්‍රතිලාභීන් වෙත ලබා දෙයි.  මෙම ඇමුණුම් 02 අනුව ලබා දෙන දීමනාවන්ගේ වටිනාකම් හා ප්‍රතිලාභීන් සංඛ්‍යාව සඳහන් කර ඇත.

(iii) ඔව්.  මෙම කාණ්ඩ පවුලේ සාමාජික සංඛ්‍යාව පදනම් කර ගෙන පහත පරිදි කාණ්ඩගත කර ඇත.

 

පවුලේ සාමාජික සංඛ්‍යාව

04 හෝ 04ට වැඩි

03

03ට අඩු

සවිබල ගැන්වූ පවුල්

(iv) මෙයට අදාළ 2015/06 චක්‍ර ලේඛනය ඇමුණුම 03 වශයෙන් සභාගත* කරමි.

 

පවුලේ සාමාජික සංඛ්‍යාව

දැනට පවතින සහනාධාර වටිනාකම රුපියල්

04 හෝ 04ට වැඩි

3,500

03

2,500

03ට අඩු

1,500

සවිබල ගැන්වූ පවුල්

420

 

(v) (ඇමුණුම 02)

 

පවුලේ සාමාජික සංඛ්‍යාව

දැනට පවතින සහනාධාර වටිනාකම රුපියල්

මුළු දීමනා ප්‍රමාණයන්

04 හෝ 04 ට වැඩි

3,500

597,659

03

2,500

253,652

03ට අඩු

1,500

459,114

සවිබල ගැන්වූ පවුල්

420

146,158

(vi) ඔව්.

(vii) ඔව්. 2015 වර්ෂයේ අප්‍රේල් මස සිට එක් එක් කාණ්ඩය අනුව දිවි නැඟුම සහනාධාරය වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.

 

පවුලේ සාමාජික සංඛ්‍යාව

2015 මාර්තු මස දක්වා පැවති සහනාධාර වටිනාකම රු.

2015 අප්‍රේල් මස සිට වැඩි කිරීමෙන් පසු සහනාධාර වටිනාකම  රු.

04 හෝ 04ට වැඩි

3,000/-

3,500/-

03

2,000/-

2,500/-

03ට අඩු

1,000/-

1,500/-

සවිබල ගැන්වූ පවුල්

420/-

420/-

(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-11-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks