04

E   |     |  

 දිනය: 2015-11-24   පිළිතුර ලබා දී ඇත 

0166/2015: ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ රඟහල : විස්තර

166/’15

 

ගරු ලකී ජයවර්ධන මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතන භූමියේ මහින්ද රාජපක්ෂ රඟහල නමින් ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන බවත්;

             (ii)       එම ගොඩනැගිල්ල විවෘත කර දීර්ඝ කාලයක් ගතවී ඇතත්, නිසි අයුරින් ප්‍රයෝජනයට ගැනීමක් සිදු නොවන බවත්;

(iii) අධික මුදලක් අයකරන බැවින් මෙම රඟහලේ ප්‍රසංග පැවැත්වීමට ප්‍රසංගකරුවන්ට හා කලාකරුවන්ට අවස්ථාවක් නොලැබෙන බවත්;

(iv) මේ හේතුවෙන් ඔවුන්ට දැඩි  අසාධාරණයක් සිදු වී ඇති බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය මගින් වියදම් කර ඇති මුළු මුදල කොපමණද;

(ii) එය විවෘත කළ දිනය කවරේද;

(iii) මේ වනවිට මෙම රඟහලේ පවත්වා ඇති ප්‍රසංග සංඛ්‍යාව කොපමණද;

(iv) එම ප්‍රසංගයන් කවරේද;

(v) මෙම රඟහලේ ප්‍රසංගයක් පැවැත්වීම සඳහා දිනකට ‍අය කරනු ලබන මුදල කොපමණද;

(vi) ඒ සඳහා ලබාදෙන කාලය කොපමණද; ‍

(vii) මේ වනවිට මෙම රඟහලේ පවත්වන ලද ප්‍රසංග වලින් ලබා ඇති මුළු ආදායම කොපමණද;

(viii) ප්‍රසංගකරුවන්ට සහ කලාකරුවන්ට සාධාරණ මිලකට මෙම රඟහලෙහි ප්‍රසංග පැවැත්වීම සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගන්නේද;

(ix) එසේ නම්, ඒ කවර දිනක සිටද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-24

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ශ්‍රවණාගාරය ඉදි කිරීම් අවසන් කර  2014.11.13 දින විවෘත කරන ලද ද ක්‍රියාත්මක කිරීමේදී හඳුනා ගන්නා  ලද අඩු පාඩු වන

                        * විදුලි ආලෝකකරණ පද්ධතියේ අඩු පාඩු

                        * රක්ෂණය සම්බන්ධ කටයුතු

                        * ප්‍රධාන ජල සැපයුමේ පැවති දෝෂ

                        නිසි පරිදි අවසන් කර ගැනීමට අවශ්‍ය වීම හා 2015 වර්ෂය ආරම්භයේදී සිදුවූ දේශපාලනික වෙනස්කම් මත ඇති වූ පරිපාලන වෙනස්වීම් හේතුවෙන් කටයුතු යම් තරමකින් ප්‍රමාද විය.

(iii) එකඟ නොවේ. අය කරනු ලබන්නේ නඩත්තු පිරිවැයට ගැළපෙන මුදලකි.

පැය 04 වැඩසටහනක් සඳහා රුපියල් 350,000යි. (ආසනයක් වෙනුවෙන් රුපියල් 299.65)

අමතර පැය 01 වෙනුවෙන්  රුපියල් 52,500යි. (ආසනයක් වෙනුවෙන් රුපියල් 44.94)

පෙරහුරු සඳහා පැය 2ක්  වෙනුවෙන් රුපියල් 75,000යි.

අය කරනු ලබන අතර, අය කරනු ලබන මුදලට සමානව පහසුකම් ලබා දෙනු ලබයි. මේ පිළිබඳව පාරිභෝගිකයන් සිය ප්‍රසාදය පළ කර ඇත. ඊට අදාළ ඇමුණුම සභාගත* කරමි.

(iv) එකඟ නොවෙමි.

(ආ) (i) අවසන් මුදල නිශ්චිතව තීරණය වී නොමැත. ඊට හේතුව අවසන් බිල්පත් ඉදිරිපත් වී නොමැති වීමයි.  අවසන් බිල්පත් ඉදි කිරීම් කරන ලද ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය විසින්  සකස් කරමින් පවතී. සම්පූර්ණ වියදම රුපියල් මිලියන 382ක් තුළ කළමනාකරණය කිරීමට භාණ්ඩාගාර උපදෙස් ලැබීම ඇත. මුළු මුදල රුපියල් මිලියන 382ක සීමාව තුළ පවතී.

(ii) 2014 නොවැම්බර් 13

(iii) රඟහල තුළ ‍ප්‍රසංග හා වෙනත් වැඩසටහන් 10ක් පවත්වා තිබෙනවා.

(iv) එම වැඩසටහන්

 

ආයතනය/පුද්ගලයා

දිනය

1. මධ්‍යම පළාත් ක්‍රීඩා

       දෙපාර්තමේන්තුව

2014.11.27

02. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම

2014.11.30

03. අග්‍රාමාත්‍ය කාර්යාලය

2014.12.07

04. මහජන බැංකුව

2014.12.21

05. ඉඩම් පරිහරණ සැලසුම්

      දෙපාර්තමේන්තුව

2015.01.22

06. Sesami Street Programme

2015.02.14

07. Interact District Conference

2015.03.08

08. Jama Athus Salamah Sri Lanka

2015.05.24

09. මහ/හිල්වුඩ් විද්‍යාලය මහනුවර

2015.05.30

10. Jamathi Islam Sri Lanka

2015.10.31

11. ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නියෝජිත

       සමුළුව

2015.11.07

 

(v) ප්‍රසංගයක් සඳහා පළමු පැය හතරට                     රුපියල් 350,000යි.

                        අමතර පැයක් වෙනුවෙන් රුපියල් 52,500යි.

                        පෙරහුරු කටයුතු සඳහා පැය දෙකකට රුපියල් 75,000යි.

             (vi)      ඉහත ගාස්තු ක්‍රමය යටතේ අවශ්‍ය කාලය වෙන් කරගත හැක.

            (vii)      මුළු ආදායම රුපියල් 2,410,000.00යි.

           (viii)      ඔව්.

             (ix)      ආරම්භයේ සිටම.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2015-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks