බලන්න

04

E   |     |  

 දිනය: 2015-11-06   පිළිතුර ලබා දී ඇත 

0150/2015: කඳුරට අධිවේගී මාර්ගය: විස්තර

150/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      කඳුරට අධිවේගී මාර්ගයේ පළමු කොටසට පසුගිය මහ මැතිවරණයට පෙර මුල්ගල් තැබූ බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       කඳුරට අධිවේගී මාර්ගයේ පළමු කොටසට මුල්ගල තැබූ දිනය කවරේද; ‍

(ii) එම ආරම්භක කොටසේ ආරම්භක හා අවසාන ස්ථාන කවරේද;

(iii) එහි මුළු දුර ප්‍රමාණය කොපමණද; සහ

(iv) පළමු කොටස සඳහා ගමන් මාර්ගයට අදාළ ඉඩම් හඳුනාගෙන තිබේ නම්, ඒ ගම්මාන හා නගර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ඉදිකිරීම් සඳහා අවශ්‍ය පාරිසරික වාර්තාව ලබාගෙන ඇති දිනය කවරේද;

(ii) ශක්‍යතා අධ්‍යයනය සිදුකර ඇති දිනය කවරේද;

(iii) මෙම ඉදිකිරීම සඳහා  තෝරාගෙන ඇති ආයතනයේ නම කවරේද; සහ

(iv) අදාළ තෝරාගැනීම සිදුකරන ලද ක්‍රමවේදය කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) (i) මෙම කොටස සඳහා අවශ්‍ය ණය ගිවිසුමට අත්සන් තබා  තිබේද;

(ii) ණය ලබාගන්නා ආයතනය කවරේද; සහ

(iii) ණය මුදල සඳහා වන පොළිය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) (i) කඳුරට අධිවේගී මාර්ගයේ පළමු කොටස සඳහා වැය වන මුළු මුදල කොපමණද; සහ

(ii) ඒ අනුව කිලෝමීටරයකට වැයවන මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඊ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-06

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      2015.08.03වන දින

              (ii)      ආරම්භක ස්ථානය - කඩවත.

                        අවසන් ස්ථානය - මීරිගම.

             (iii)      කිලෝමීටර් 37කි.

             (iv)      හඳුනාගෙන ඇත.

                        මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

                        ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

                        අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 

                        මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 

මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

(ඇ) (i) පරිසර වාර්තාව 2014 ජූනි වන විට මාර්ග සංවර්ධන අධිකාරියට ලැබී තිබුණි. නමුත්, පසුව මෙම මාර්ගයේ ආරම්භක ස්ථානය පෙර පැවති එ‍ඬේරමුල්ල වෙනුවට කඩවත ලෙසට වෙනස් විය. එබැවින් එම ප්‍රදේශයද ඇතුළත් වන පරිදි මධ්‍යම අධිවේගී මාර්ගයේ පරිසර වාර්තාව නැවතත් ඉදිරිපත් කරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය විසින් අප වෙත දැනුම් දී ඇත. ඒ අනුව එම වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් සකස් කරමින් පවතින අතර, ඉදිරියේදී ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇත.

(ii) මුල් ශක්‍යතා අධ්‍යයන වාර්තාව 2014 ජූනි මස වන විට මාර්ග සංවර්ධන අධිකාරියට ලැබී තිබුණි. ඉහත සඳහන් කළ පරිදි උතුරු අධිවේගී මාර්ගය මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස වෙනස් වූ පසු පෙර ඉදිරිපත් කළ වාර්තාව නැවත සංශෝධනය කිරීම ‍මොරටුව විශ්වවිද්‍යාලය මඟින් සිදු කරගෙන යනු ලබයි.

(iii) මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස මෙටලජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම (Metallurgical Corporation of China) විසින් සිදු කරනු ලබයි. මෙය පැකේජ දෙකකින් යුක්ත වේ.

i. කඩවත-කොස්සින්න කොටස -කි.මී. 4.54

ii. කොස්සින්න - මීරිගම කොටස - කි.මී. 32.55

(iv) පසු ගිය රජය මඟින් පොතුහැර - රඹුක්කන දක්වා කොටස සඳහා මෙටලජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම තෝරාගෙන ගිවිසුම් ඇති කර ගෙන තිබුණි. එම සමාගම විසින් අදාළ ගිවිසුම ප්‍රකාරව මාර්ග ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. එසේ වුවද, වර්තමාන රජය මඟින් එම කොටසට වඩා පළමු කොටස වන කඩවත -මීරිගම කොටස සඳහා ප්‍රමුඛතාව ලබා දුන් අතර, කොන්ත්‍රාත් සමාගම සමඟ දැනටමත් ගිවිසුමක් පැවැති හෙයින් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද මිලදී ගැනීම සඳහා වන සාකච්ඡා කමිටුව (Cabinet Appointed Negotiating Committee - CANC) විසින් ඉදිරිපත් වූ මිල ගණන් ඉංජිනේරු ඇස්තමේන්තුව සමඟ සසඳා අදාළ සමාගම සමඟ මිල ගණන් සම්බන්ධව සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට ක්‍රියා කර ඇත.

(ඈ) (i) ණය ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.

(ii) චීනයේ Exim  බැංකුව මඟිනි.

(Export Import Bank of China)

(iii) සහනදායී පොලිය මත ණය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇත.

(ඉ) (i) ඇස්තමේන්තු මුදල රුපියල් බිලියන 145.8කි.

(කොස්සින්න සිට මීරිගම දක්වා කි.මී. 32.55 කොටස සඳහා පමණි.)

(ii) රුපියල් බිලියන 4.48කි.

(මෙහිදී මාර්ගයේ එක් කිලෝමීටරයක් ඉදිකිරීමට යන පිරිවැය ගණනය කිරීමේදී පහත සඳහන් අංග ඉදිකිරීම ද ඇතුළත් වේ.)

කණු මතින් - on columns - ඉදිවන අධිවේගී මාර්ග කොටසේ මුළු දුර කි.මී. 14.6කි.

එය පහත සඳහන් පරිදිය.

කණු මතින් ඉදිවන මාර්ගය - කි.මී. 12.35

අධිවේගී මාර්ග පාලම් දුර - කි.මී. 1.4

ගුවන් පාලම් මුළු දුර - කි.මී. 0.845

මෙයට අමතරව  පහත සඳහන් කොටස් ද මෙම මාර්ග කොටසට අදාළ වේ.

මුළු බෝක්කු ප්‍රමාණය - 46

මුළු අන්තර් හුවමාරු ගණන - 03

(ඊ) පැන නොනඟී

 

පිළිතුරු දුන් දිනය

2015-11-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks