පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
149/’15
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රාජ්‍ය සේවකයින්ට යතුරුපැදි ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මේ වසර තුළ යතුරුපැදි ලබා දුන් සේවකයින් සංඛ්‍යාව කොපමණද; සහ
(ii) එක් එක් ආයතනය අනුව යතුරුපැදි ලබා දුන් සේවකයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ආ) (i) පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි, යතුරුපැදි සඳහා අයකරගත් රුපියල් පනස්දහසක (රු.50,000/=) මුදල නැවත ලබාදී ඇති සේවක සංඛ්‍යාව කොපමණද; සහ
(ii) යතුරුපැදි සඳහා අයකරගත් රුපියල් පනස්දහසක මුදල නැවත ලබාදී ඇති සේවකයින්ගේ නම් කවරේද;
යන්නත් එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ නතර කර තිබේද; සහ
(ii) මෙතෙක් අයකර ගත් රුපියල් පනස්දහසක මුදල සියලුම දෙනාට නැවත ලබාදීම සිදු කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-05
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙම වසර තුළ යතුරු පැදි ලබා දුන් ක්ෂේත්‍ර නිලධාරින් සංඛ්‍යාව 20,232කි.
(ii) ඔව්.
|
|
2015 වර්ෂය තුළ ඇණවුම් කළ යතුරු පැදි සංඛ්‍යාව |
2015.10.29 දින වන විට බෙදා දී ඇති යතුරු පැදි සංඛ්‍යාව |
|
පොලිස් දෙපාර්තමේන්තුව |
14,000 |
13,000 |
|
ක්ෂේත්‍ර නිලධාරින් සඳහා |
20,546 |
7,232 |
|
එකතුව |
34,546 |
20,232 |
(ආ) (i) යතුරු පැදි ලබා දුන් ක්ෂේත්‍ර නිලධාරින් සඳහා ගෙවන ලද මුදල් ආපසු ලබා දී නොමැත.
(ii) පැන නොනඟී.
(ඇ) (i) 2014 දෙසැම්බර් 31 වන දිනට මුදල් ගෙවා ඇති හිමිකම් ලබන ක්ෂේත්‍ර නිලධාරින් සඳහා යතුරු පැදි ලබා දීමට කටයුතු කර ඇත.
(ii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks