04

E   |     |  

 දිනය: 2015-11-05   පිළිතුර ලබා දී ඇත 

0130/2015: Racecourt Ground for School Sportsmeets

130/’15

 

ගරු වාසුදේව නානායක්කාර මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1) 

 (අ)        (i)       කොළඹ මහ නගර සභාවට අයත්ව තිබූ රේස්කෝස් පිට්ටනිය අවට පාසල් 10කට පමණ ක්‍රීඩා උත්සව පැවැත්වීමට පහසුකම් ලබා දුන් ස්ථානයක් බවත්; සහ

(ii) මේ වනවිට අදාළ පාසල්වලට එම පහසුකම් අහිමි වී ‍ගොස් ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) කොළඹ මහ නගර සභාවට අයත්ව තිබූ රේස්කෝස් පිට්ටනියේ වර්තමාන අයිතිකරුවන් කවුරුන්ද;

(ii) එය අත්පත් කරගත් පුද්ගලයන් හෝ ආයතන ඉහත කී භූමිය වෙනුවෙන් නගර සභාවට ගෙවා ඇති මුදල කොපමණද; සහ

(iii) ක්‍රීඩාපිටි අහිමි එම පාසල් දරුවන් වෙනුවෙන් වර්තමානයේදී අදාළ පහසුකම් ලබා දෙන්නේ කවර ආකාරයෙන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2015-11-05

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks