පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
127/’15
ගරු විජිත හේරත් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හැටන් නගරයේ දුඹුරුගිරිය ප්‍රදේශයේ ලෝක බැංකු ආධාර මත ඉදි වූ නිවාස සමූහයක සිංහල, දෙමළ සහ මුස්ලිම් පවුල් 35ක් පමණ, වර්ෂ 33කට අධික කාලයක් තුළ පදිංචිවී සිටින බවත්;
(ii) මෙම පදිංචිකරුවන්ගෙන් කොටසකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූල ඉඩම් ඔප්පු ලබාදී ඇති බවත්;
(iii) වටවල වැවිලි සමාගම විසින් මෙම නිවැසියන්, නිවාසවලින් ඉවත්කර, එම භූමිය සමාගමට අත්පත්කර ගැනීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) හැටන්-දික්ඔය නගර සභාව මෙම නිවැසියන් පදිංචි භූමිය පවරා ගැනීම සඳහා ඒකමතිකව යෝජනාවක් සම්මත කර ඇති බවත්;
(ii) මෙම භූමිය සමාගමට පවරා ගැනීම වළක්වා සාධාරණය ඉටුකර ගැනීම සඳහා එම නිවැසියන් විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ අදාළ දේශපාලනඥයන් දැනුවත් කර ඇති බවත්;
එතුමා තවදුරටත් දන්නෙහිද?
(ඇ) (i) මෙම කරුණු සැළකිල්ලට ගෙන වටවල සමාගමේ බලපෑම්වලින් මෙම නිවැසියන්ව මුදවාගෙන ඔවුන්ගේ නිවාස අයිතිය තහවුරු කරදීම සඳහා මැදිහත් වන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-03
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(ආ) (i) නැත.
(ii) ඔව්.
(ඇ) (i) ඔව්.
(ii) ඔප්පු ලබාගත් නිවැසියන් ආරක්ෂා කිරීමටත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටත්, වටවල වැවිලි සමාගමෙන් ඇතිවන බලපෑම් ඉවත්කර ගැනීමටත් දැනටමත් පහත සඳහන් නඩු අංක යටතේ අධිකරණමය ක්‍රියා මාර්ග ගනු ලැබ ඇත.
1. HC/NE/02/2015 (ප්‍රතිශෝධන) දික්ඔය ඩන්බාර් කොටස.
2 CA/PHC/RA/24/2015 හැටන් වතු යායේ කොටසක් සම්බන්ධව.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks