04

E   |     |  

 දිනය: 2010-09-08   පිළිතුර ලබා දී ඇත 

0265/2010: Mr. S.M.M. Haleem

0265/'10

ගරු රවුෆ් හකීම් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගන් ඇසීමට,— 

(අ)         (i)     කඩුගන්නාව, කුරුකුන්තල, අංක 18 බී ලිපිනයේ පදිංචි, එස්. එම්. එම්. හලීම් මහතා 1994 ඔක්තෝබර්  මස 03 වැනි දින සිට  මහ/අල් - මනාර්, මාවනැල්ල සහිරා සහ මැවනැල්ල මයුරපාද යන ජාතික පාසලවල (දුෂ්කර හා දුෂ්කර නොවන) සතුටුදායකව සේවය කළ වාණිජ උපාධිධාරී  ගුරුවරයෙකු බවත්;

(ii) හලීම් මහතා දැනට සේවය කරන මාවනැල්ල සහිරා ජාතික පාසලේ රාජකාරියට වාර්තා කිරීමට එම පාසලේ විදුහල්පතිවරයා බාධා කරන බවත්;

(iii) එම විදුලහල්පතිවරයා බාහිර පුද්ගලයන් යොදවා පාසල තුළදී හලීම් මහතාට පහරදී ජීවිත තර්ජනයක් කර ඇති බැවින් එම පාසල තුළ ඔහුට නිදහසේ සේවය කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇති බවත්;

(iv) ඒ අනුව ඔහු මාවනැල්ල මයුරපාද ජාතික පාසලට ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති බවත්;

(v) එම ඉල්ලීම හිතාමතාම නිර්දේශ නොකරමින් ඉහත විදුහල්පතිවරයා තවදුරටත් හලීම් මහතා මානසික පීඩාවට පත් කරනු ලබන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එකී විදුලහල්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන්නේද;

(ii) හලීම් මහතාට මාවනැල්ල මයුරපාද ජාතික පාසලට ස්ථාන මාරුවීමක් ලබාදීමට නොපමාව පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-09-08

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks