පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
106/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) 2010.01.01 දින සිට 2014.12.31 දින දක්වා වසර පහක කාලය තුළ දකුණු කොරියාවේදී හා මැලේසියාවේදී මියගිය ශ්රී ලාංකික පුරවැසියන් සංඛ්‍යාව, එක් එක් රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන්ගේ නම්, වයස, ශ‍්‍රී ලංකාවේ පදිංචි ලිපිනය හා උක්ත රටවල්හි දී කරන ලද රැකියා කවරේද;
(iii) මෙම පුද්ගලයින්ගේ මරණ වලට ආසන්නතම හේතු කවරේද;
(iv) ඔවුන් වෙනුවෙන් රජය ලබා දුන් සහන කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2010.01.01 දින සිට 2014.12.31 දින දක්වා වසර පහක කාලය තුළ දකුණු කොරියාවේදී හා මැලේසියාවේදී පූර්ණ සහ අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ ශ‍්‍රී ලාංකික පුරවැසියන් සංඛ්‍යාව, එක් එක් රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන්ගේ නම්, වයස, ශ‍්‍රී ලංකාවේ ලිපිනය හා උක්ත රටවල්හි දී ඔවුන් කරන ලද රැකියා කවරේද;
(iii) මෙම පුද්ගලයින් ආබාධිත වීමට හේතු කවරේද;
(iv) ඔවුන් වෙනුවෙන් රජය ලබා දුන් සහන කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-04-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
මැලේසියාව |
කොරියාව |
|
2010 |
3 |
8 |
|
2011 |
1 |
8 |
|
2012 |
1 |
11 |
|
2013 |
3 |
15 |
|
2014 |
1 |
7 |
(ii) ඇමුණුම 01හි දක්වා ඇත.
(iii) ඇමුණුම 01හි VI තීරුවේ දක්වා ඇත.
(iv) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි වී රැකියා සඳහා විදේශ ගතව මියගිය ශ්‍රමිකයින් වෙනුවෙන් කාර්යාංශ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගෙවන ලද වන්දි මුදල් ඇමුණුම 02 යටතේ ඉදිරිපත් කර ඇත.
(ආ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත වාර්තා වන ලද පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රමිකයින්හට වන්දි ගෙවීමට අදාළ තොරතුරුවලට අනුව පුද්ගලයින් 14දෙනෙකු සඳහා 2010.01.01 දින සිට 2014.12.31 කාලසීමාවට අදාළව දකුණු කොරියාවේ රැකියාවන්හි නියුක්තව සිටින අතරතුර අනතුරු හේතුවෙන් පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයට පත්වීම නිසා වන්දි ගෙවීම සිදු කරනු ලැබ ඇත.2010.01.01 දින සිට 2014.12.31 කාල සීමාවට අදාළව මැලේසියාවේ රැකියාවන්හි නියුක්තව සිටින අතරතුර පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රමිකයින් දෙදෙනෙකු සඳහා වන්දි ගෙවීම සිදු කරනු ලැබ ඇත.
(ii) ඇමුණුම අංක 03හි දක්වා ඇත.
(iii) බොහොමයක් ශ්‍රමිකයින් පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයට පත්ව ඇත්තේ රැකියාවේ නියුක්ත වීමේදී මුහුණ පා ඇති හදිසි අනතුරුවලට පත්වීම හේතු කොටගෙනය.
(iv) දකුණු කොරියාවේ හා මැලේසියාවේ පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයන්ට පත් වූ පුද්ගලයින්හට කාර්යාංශය විසින් ලබාදී ඇති සහන පිළිබඳ තොරතුරු ඇමුණුම අංක 03හි සඳහන් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
ඇමුණුම් සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2016-05-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks