04

E   |     |  

 දිනය: 2015-11-04   පිළිතුර ලබා දී ඇත 

0092/2015: හමුදා සාමාජිකයන්ගේ දරුවන් සඳහා වෙන් වූ පාසල්: විස්තර

92/’15

 

ගරු වාසුදේව නානායක්කාර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      හමුදා සාමාජිකයින්ගේ දරුවන් සඳහා වෙන්වූ පාසල් වෙනම පවත්වාගෙනයාමේ ප්‍රතිපත්තිය එතුමා පිළිගන්නෙහිද?

(ආ)     හමුදාවේ පරිත්‍යාගශීලී වූ, නිලධාරීන් හා යුධ භටයන් දෙපිරිසම වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබාදීම අවශ්‍ය වුවත්, ඔවුන්ගේ දරුවන්ට වෙනම පාසල් තිබීමෙන් සමාජයේ නව සමාජ ප්‍රභේදයක් මත පහසුකම් ඇති කරනු ලබන  බවත් එතුමා  තවදුරටත් පිළිගන්නෙහිද?

(ඇ) (i) මෙම පාසල්වල සිටින නිලධාරීන්ගේ දරුවන් හා සාමාන්‍ය සෙබළුන්ගේ දරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) මෙවැනි පාසල්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතට ගෙන අනෙකුත් දරුවන්ද ඇතුළත් කරගෙන පවත්වාගෙන යාමට අදහස් නොකරන්නේ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-04

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ගයන්ත කරුණාතිලක මහතා

(மாண்புமிகு கயந்த  கருணாதிலக்க)

(The Hon.  Gayantha  Karunatileka)

ගරු කථානායකතුමනි, ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)       නැත.  රණ විරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා ආරක්ෂක සේවා විද්‍යාල දෙකක් ක්‍රියාත්මක වන අතර, එම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, වෙන් වූ පාසල් ලෙස සැලකිය නොහැකිය.

(ආ) පැන නොනඟී.

(ඇ) (i)   කුරුණෑගල ආරක්ෂක සේවා

විද්‍යාලය මැලේ වීදිය ආරක්ෂක සේවා විද්‍යාලය 

 (ii) මෙලෙස මැලේ වීදිය පාසල  අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර,  පසුව ආරම්භ කරන ලද කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. තවද, කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ සියයට 57ක ප්‍රමාණයක් සාමාන්‍ය දරුවන්ද අධ්‍යාපනය හදාරනු ලබයි.

(ඈ) පැන නොනඟී.

 

 

 

යුද හමුදාව

නාවික හමුදාව

ගුවන් හමුදාව

පොලීසිය

සාමාන්‍ය දරුවන්

එකතුව

නිලධාරි

09

08

04

05

-

26

සෙසු නිල

154

34

37

47

-

272

සාමාන්‍ය දරුවන්

-

 

-

-

391

391

එකතුව

163

42

41

52

391

689

 

 

යුද හමුදාව

නාවික හමුදාව

ගුවන් හමුදාව

පොලීසිය

එකතුව

නිලධාරි

178

62

55

131

426

සෙසු නිල

852

254

276

430

1812

එකතුව

1030

316

331

561

2238

 

පිළිතුරු දුන් දිනය

2016-01-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks