පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
88/’15
ගරු වාසුදේව නානායක්කාර මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුළ අධ්‍යාපන කටයුතු සහ විභාග කටයුතු සිදුවන්නේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම බව එතුමා දන්නෙහිද?
(ආ) (i) 2014 වසරේ නීති විද්‍යාල සිසුන්ගේ විභාග ප්‍රශ්න පත්‍ර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කර තිබීම හේතුවෙන් සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ සිසුන්ට එක්වරම ඉංග්‍රීසි මාධ්‍යයට මාරුවීමට සිදුවීම නිසා එම සිසුන්ට බලවත් අසාධාරණයක් හා අපහසුතාවයක් ඇතිවූ බවත්;
(ii) මෙම කාරණය නිසා හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කර ඇති බවත්;
එතුමා තවදුරටත් දන්නෙහිද?
(ඇ) මින් ඉදිරියට නීති විද්‍යාලයේ සිසුන්ගේ විභාග සඳහා නිකුත් කරනු ලබන ප්‍රශ්න පත්‍ර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා උපදෙස් ලබාදෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-03
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) දේශන ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලබන අතර විභාග කටයුතු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම සිදු කෙරේ.
(ආ) (i) පසු ගිය රජය කාලයේ මොහාන් පීරිස් හිටපු තත්වාකාර අග්‍රවිනිසුරුතුමා - de facto Chief Justice - නීති අධ්‍යයන සභාවේ සභාපති ලෙස කටයුතු කළ සමයේ විභාග ප්‍රශ්න පත්‍ර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දීම නිසා සිංහල සහ දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ඉමහත් දුෂ්කරතාවලට මුහුණ දුන් බවත්, ඔවුන්ට අසාධාරණයක් සිදු වුණු බවත් පිළිගන්නවා.
(ii) හිටපු තත්වාකාර අගවිනිසුරු - de facto Chief Justice - ලෙස කටයුතු කළ මොහාන් පීරිස් මහතා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බව පිළිගනිමි.
(ඇ) මා අමාත්‍ය ධුරය බාර ගත් පළමුවැනි සතියේම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යයන්ගෙන් විභාග කටයුතු සිදු කිරීමට උපදෙස් දුන් අතර, දැනට එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks