පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
80/’15
ගරු චන්දිම ගමගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පසුගිය දශකයක පමණ කාලය තුළ පුරාවස්තූන් හා නිදන් වස්තූන් බරපතල ලෙස විනාශවීම් හා සොරුන්ගේ ග්‍රහණයට ලක්වීම් පිළිබඳව විවිධ මාධ්‍ය මගින් වාර්තාකර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(ii) මාධ්‍ය මගින් වාර්තා වූ සිද්ධීන් හා ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නීතිමය පියවර ගෙන තිබේද;
(iii) එසේ නම්, නීතිමය පියවර ගෙන ඇති සිද්ධීන් හා පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම නීතිමය ක්‍රියාමාර්ග තුළින් වැරදිකරුවන් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(v) මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-22
අසන ලද්දේ
ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i)
|
වර්ෂය |
2005 |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
2015 |
|
සංඛ්‍යාව |
117 |
78 |
83 |
208 |
235 |
294 |
220 |
370 |
340 |
216 |
158 |
(ii) ඔව්.
(iii) ඉහත (අ) (i) යටතේ දක්වා ඇති සියලුම පැමිණිලි සඳහා නීතිමය පියවර ගෙන ඇත.
(iv)
|
වර්ෂය |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
2015 |
|
අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව |
120 |
139 |
360 |
498 |
1062 |
956 |
577 |
410 |
|
වැරදිකරුවන්ට දඬුවම් පමුණුවා ඇති සිද්ධි සංඛ්‍යාව |
21 |
39 |
79 |
94 |
188 |
186 |
127 |
70 |
(v) i. පුරාවස්තු විනාශය වැළැක්වීමේ විශේෂ ඒකකය හා විශේෂ පොලිස් ඒකකය ස්ථාපිත කිරීම.
ii. පුරාවිද්‍යාව හා අදාළ සියලුම අණ පනත් හා රෙගුලාසි සංශෝධනය කිරීම.
iii. මහජනතාව, සිවිල් සංවිධාන හා පාසල් සිසුන් දැනුවත් කිරීම.
iv. විශේෂ පුරාවිද්‍යා ස්ථාන සඳහා පොලිස් ආරක්ෂාව යෙදීම.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-01-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks