පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බුද්ධික පතිරණ මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා රේගුව නව කාර්යාල සංකීර්ණයේ සිට තම කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) නව ස්ථානයට ඒමට පෙර කාර්යාලයේ අවසාන වර්ෂයේ දුරකථන, විදුලි හා ජල බිල්පත්හි වටිනාකම එක් එක් මාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම බිල්පත්හි සාමාන්‍යකරණය කරන ලද වටිනාකම කොපමණද;
(iv) නව කාර්යාල සංකීර්ණයට පැමිණි දින සිට මේ දක්වා දුරකථන, විදුලි හා ජල බිල්පත්හි වටිනාකම එක් එක් මාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එම බිල්පත්හි සාමාන්‍යකරණය කළ වටිනාකම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකා රේගුවේ දුරකථන, විදුලි හා ජල බිල්පත් සම්පූර්ණයෙන් ගෙවා තිබේද;
(ii) නොඑසේ නම්, හිඟ මුදලක් තිබේද;
(iii) එසේ නම්, හිඟ මුදල එක් එක් බිල්පත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකා රේගුවේ මාසික ජල, විදුලි හා දුරකථන බිල්පත් පාලනය කිරීමට පියවර ගෙන තිබේද;
(ii) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා රේගුව 2011 සැප්තැම්බර් 08 වන දින නව කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
(ii) නව ස්ථානයට ඒමට පෙර අවසාන වශයෙන් බිල්පත් ගෙවා ඇත්තේ 2011 වර්ෂයේ වන අතර එම විස්තර ඇමුණුම් අංක 1හි දක්වා ඇත.
(iii) 2001 වර්ෂයේ එම බිල්පත්වල සාමාන්‍යකරණය කරන ලද වටිනාකම ඇමුණුම් අංක 1හි අවසාන පේළියේ දක්වා ඇත.
(iv) නව කාර්යාලීය සංකීර්ණයට පැමිණි දින සිට දුරකථන, විදුලි හා ජල බිල්පත්වල වටිනාකම් ඇමුණුම් අංක 2හි දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.
(v) ඉහත අංක (iv) සඳහන් බිල්පත්වල සාමාන්‍යකරණය කළ වටිනාකම ඇමුණුම 2හි එක් එක් වර්ෂයේ අවසාන පේළියේ දක්වා ඇත.
(ආ) (i) ඔව්.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) (i) ඔව්.
(ii) ජල බිල්පත් පාලනය.
සවි කර ඇති සියලුම කරාම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බැවින් ජලය අපතේ යාමක් සිදු නොවේ. එමෙන්ම වැසි ජලය එකතු කර වැසිකිළි පද්ධති සඳහා යොදා ගනු ලබයි.
දුරකථන බිල්පත් පාලනය.
දුරකථන භාවිත කිරීමට හිමිකම් ඇති නිලධාරින්ට පමණක් සෘජු දුරකථන සම්බන්ධතා ලබා දී ඇත. අනෙකුත් නිලධාරින්ට අභ්‍යන්තර දුරකථන පද්ධතියක් මඟින් අංශ අතර ඇමතුම් ලබා ගැනීමට පහසුකම් ලබා දීම සිදු කර ඇත.
විදුලි බිල්පත් පාලනය.
මධ්‍යගත වායු සමීකරණ පද්ධතිය සකස් කර ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක 24ක් යටතේ පවත්වාගෙන යාම සඳහාය. එහෙත් විදුලි බිල්පත් පාලනය කිරීම සඳහා වායු සමීකරණ පද්ධතිය සෙන්ටිග්‍රේඩ් අංශක 25 යටතේ භාවිත කරනු ලබයි. මෙම දෙපාර්තමේන්තුව පැය 24ක් පුරාම සේවයේ යෙදෙන කාර්යාලයක් බැවින් එක් එක් අංශ සේවය නිමවන කාලයට පැය භාගයකට පෙර වායු සමීකරණ යන්ත්‍රය ස්වයංක්‍රීයව නතර වන ආකාරයට සකස් කර ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks