පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
63/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් අපද්‍රව්‍ය විශාල ලෙස මුදා හැර ඇති බවත්;
(ii) එම අපද්‍රව්‍ය වලින් කොටසක් පරිසරයටද අනාරක්ෂිත ලෙස මුදා හැර ඇති බවත්;
(iii) විද්‍යුත් අපද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස පරිසරට මුදා හැරීම පරිසර දූෂණයට ප්‍රධාන සාධකයක් වී ඇති බවත්;
(iv) ජනතාවගේ සෞඛ්‍යයටද විද්‍යුත් අපද්‍රව්‍ය තර්ජනයක් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාව තුළ වසරකට බැහැර කරනු ලබන විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද;
(ii) එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
(iv) මේ වනවිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) විද්‍යුත් අපද්‍රව්‍ය මගින් පරිසරයට මුදා හැරෙන රසායන ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණයක් සිදු කර තිබේද;
(ii) එසේ නම්, එම පරීක්ෂණය සිදු කළ ආයතනයේ නම සහ එම පරීක්ෂණය සිදු කළ දිනය කවරේද;
(iii) නොඑසේ නම්, ඉදිරියේදී පරීක්ෂණ සිදු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-27
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වන විට ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් අපද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයකින් ජනනය වීම සිදු වේ.
(ii) මධ්‍යම පරිසර අධිකාරිය විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන අතර, අවිධිමත් හසුරුවන්නන් විසින් අනාරක්ෂිත මුදාහැරීම් ද සිදු කරනු ලැබේ.
(iii) විද්‍යුත් අපද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස පරිසරයට මුදා හැරීම පරිසර දූෂණයට බලපාන සාධකයකි.
(iv) අනෙකුත් අපද්‍රව්‍යවලින් සිදුවන බලපෑම් මෙන්ම විද්‍යුත් අපද්‍රව්‍ය ද ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයකි.
(ආ) (i) මධ්‍යම පරිසර අධිකාරියේ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ වසරකට බැහැර කරනු ලබන විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය දළ වශයෙන් ටොන් 3000ක් පමණ වේ.
(ii) ඔව්.
(iii) එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.
විද්‍යුත් අපද්‍රව්‍ය ජනනය කරනු ලබන ආයතන සඳහා උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දෙනු ලබන අතර, මෙම බලපත්‍රය වාර්ෂිකව අලුත් කරනු ලබයි.
විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කරන්නන් සහ ඒ ආශ්‍රිත කටයුතු කරන්නන් විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය (Scheduled Waste Management Licence) ලබා ගත යුතුය.
එසේම විද්‍යුත් අපද්‍රව්‍ය ආනයනය කිරීම පාලනය තදින්ම ක්‍රියාත්මක වේ. විද්‍යුත් අපද්‍රව්‍ය මෙරටට ආනයනය සඳහා අනුමැතීන් දෙනු නොලබන අතර පාවිච්චි කරනු ලැබූ පරිගණක ආනයනයේදී ඒවායේ ක්‍රියාකාරිත්වයේ තත්ත්වයන් පිළිබඳ සලකා බලා නිශ්චිත නිෂ්පාදන කාණ්ඩයන්ගෙන් සහ මනා ක්‍රියාකාරිත්වයෙන් යුතු පරිගණක ආනයනය සඳහා පමණක් අවසර දෙනු ලබයි.
මධ්‍යම පරිසර අධිකාරිය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන 21ක් සමඟ විද්‍යුත් අපද්‍රව්‍ය
කළමනාකරණය සඳහා වූ ජාතික සහයෝගිතා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙම වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ස්වේච්ඡා මැදිහත්වීම මත සිදු කරනු ලබයි.
දැනට බලපත්‍රලාභී ආයතනයන්හි සහ ජාතික සහයෝගිතා වැඩ පිළිවෙළ සමඟ ක්‍රියා කරනු ලබන ආයතනයන්හි විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියා පිළිවෙළ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිරතුරුව පසුවිපරම් සිදු කිරීම හා නියාමනය සිදු කරනු ලබයි.
දැනට ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කරනු ලබන විධිමත් ආයතන හැරුණු කොට අවිධිමත් විද්‍යුත් අපද්‍රව්‍ය හසුරුවන්නන්ද නිසි කළමනාකරණ යන්ත්‍රණයකට යොමු කරනු සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනටමත් ක්‍රමවේදයක් සකස් කරමින් පවතී.
(iv) ඉහත (iii)හි සඳහන් කර ඇති පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
(ඇ) (i) විද්‍යුත් අපද්‍රව්‍ය මගින් පරිසරයට මුදා හැරෙන බැර ලෝහ හා අනෙකුත් උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය පිළිබඳව ලොව පුරා විවිධ පර්යේෂණ සිදු කොට තහවුරු කර ඇති බැවින් එම පර්යේෂණ පදනම්කොට ගෙන ශ්‍රී ලංකාව විද්‍යුත් අපද්‍රව්‍ය උපද්‍රවකාරී අපද්‍රව්‍යයන් ලෙස හඳුනාගෙන ඇත.
කෙසේ වුවද මෙම අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ප්‍රමාණාත්මක හා සමාජ ආර්ථික ක්ෂේත්‍ර පිළිබඳව ශ්‍රී ලංකාවට අදාළව අධ්‍යයනයන් සිදු කර ඇත.
(ii) විවිධ අන්තර්ජාතික පර්යේෂණ ආයතන මගින් පර්යේෂණ සිදු කොට තහවුරු කර ඒවා ප්‍රසිද්ධියට පත් කොට ඇත.
මෙම අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ප්‍රමාණාත්මක හා සමාජ ආර්ථික ඇගයීමක් 2008 වර්ෂයේදී සිදු කර ඇත.
(iii) විද්‍යුත් අපද්‍රව්‍ය මගින් පරිසරයට මුදා හැරෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව ගුණාත්මක පර්යේෂණ අන්තර්ජාතිකව සිදුකොට ඇත.
දැනට ශ්‍රී ලංකාව තුළ ජනනය වන විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳව ප්‍රමාණාත්මක සමීක්ෂණයක් සහ සංසරණ රටාව පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීම සහ පෙර සමීක්ෂණ යාවත්කාලීන කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු සැලසුම් කර සිදු කර ගෙන යනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-01-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks