04

E   |     |  

 දිනය: 2015-11-27   පිළිතුර ලබා දී ඇත 

0062/2015: භාවිත කළ භාණ්ඩ මෙරටට ගෙන ඒම: වැළැක්වීම

62/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       ගෘහ සේවය සඳහා විදේශගතවන්නන් භාවිතයට නුසුදුසු සහ භාවිතයෙන් ඉවත් කළ භාණ්ඩ මෙරටට එවන බවත්;

             (ii)       ඒ සඳහා ඔවුන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත්;

(iii) මෙම අබලි ද්‍රව්‍ය අප රටේ පරිසරයට ද ප්‍රශ්නයක් විය හැකි බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) (i) විදේශ රටවල සිට භාවිතා කරන ලද පැරණි ගෘහභාණ්ඩ ආදිය රට තුළට ඒම වැළැක්වීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-27

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      විදේශ රැකියාවේ නියුක්ත ඇතැම් අය, විශේෂයෙන් ගෘහ සේවිකාවන් ඉතාම  කලාතුරකින් අවස්ථාවක ඔවුන්ගේ සේවා ස්ථානයෙන් ලබා දෙන භාවිත කරන ලද උපකරණ තම ගමන් බඩු සමඟ රැගෙන එන අවස්ථා ඇත. නමුත් මෙය කලාතුරකින් සිදු වන දෙයකි.

              (ii)      භාණ්ඩ පැරණි වුවත් එම භාණ්ඩ අලුත් වුවත් කාගෝ සේවා  සඳහා ගෙවිය යුතු මුදල අදාළ භාණ්ඩ ගෙන්වන පාර්ශ්වය විසින් ගෙවිය යුතුය.

(iii) මෙම භාණ්ඩ රැගෙන එන ප්‍රමාණය සැලකීමේදී, එම ප්‍රමාණය අප රටෙහි පරිසරයට හානිකර බලපෑමක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් අගයක් නොවේ. එම ප්‍රමාණය සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණයකි.

අනෙක් කාරණය, මෙම භාණ්ඩ වාණිජ අරමුණක් සඳහා නොගෙන්වන අතර තම භාවිතය සඳහා පමණක් ගෙන්වනු ලැබේ.

 (ආ) (i) අදාළ නොවේ.

(ii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2016-01-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks