පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) රැකියාව සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට පුහුණුව ලබා දෙන මධ්‍යස්ථාන ගණන කොපමණද;
(ii) එම පුහුණුලාභීන්ට රජයෙන් ගෙවීමක් කරන්නේ නම්, එම මුදල කොපමණද;
(iii) එම පුහුණුලාභීන් රජයට යම් මුදලක් ගෙවිය යුතු නම්, එම මුදල කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උක්ත පුහුණු මධ්‍යස්ථානයන්හි පුහුණුලාභීන්ට ශ්‍රී ලංකාවේ හා ඔවුන් සේවයට යෑමට බලාපොරොත්තු වන රටේ ආගමන විගමන නීති, රේගු නීති සහ විනිමය නීති පිළිබඳ දැනුමක් ලබා දෙන්නේද;
(ii) නොඑසේ නම්, ඒ සඳහා ඉදිරියේදී කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-27
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව 25කි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පිහිටුවා ඇති පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව 13කි.
(ii) නැත.
(iii) පුහුණුලාභින් විසින් පහත පරිදි ගාස්තු ගෙවිය යුතුය.
|
පුහුණු පාඨමාලාව |
පුහුණු ගාස්තුව රුපියල් |
ජාතික වෘත්තීය සුදුසුකම් ගාස්තුව (NVQ) රුපියල් |
මුළු ගාස්තුව රුපියල් |
|
මැද පෙරදිග (දින 21) පුහුණු පාඨමාලාව - සිංහල හා දමිළ මාධ්‍ය |
5,000.00 |
2,500.00 |
7,500.00 |
|
මැද පෙරදිග (දින 7) පුහුණු පාඨමාලාව - සිංහල හා දමිළ මාධ්‍ය |
5,000.00 |
- |
5,000.00 |
|
සයිප්‍රස් (දින 30) පුහුණු පාඨමාලාව |
9,600.00 |
2,500.00 |
12,100.00 |
|
ඊශ්‍රායල් (දින 30) පුහුණු පාඨමාලාව |
9,100.00 |
- |
9,100.00 |
|
සිංගප්පූරු/හොංකොං (දින 30) පුහුණු පාඨමාලාව |
9,600.00 |
2,500.00 |
12,100.00 |
|
සාක්ෂරතා (දින 18) පුහුණු පාඨමාලාව - සිංහල හා දමිළ මාධ්‍ය |
2,500.00 |
- |
2,500.00 |
|
ගෘහස්ථ නොවන (දින 5) පුහුණු පාඨමාලාව - සිංහල හා දමිළ මාධ්‍ය
|
1,500.00 |
- |
1,500.00 |
(ආ) (i) ඔව්.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-01-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks