පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
52/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ පන්ති සඳහා ශිෂ්‍යාවන් ඇතුළත් කර ගැනීමේ දී සලකා බලන නිර්ණායක කවරේද;
(ii) 2015 වර්ෂයේ දී කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ පන්ති සඳහා ඇතුළත් කර ගත් ශිෂ්‍යාවන්ට හැදෑරීමට ඇති විෂය ධාරාවන් කවරේද;
(iii) එම එක් එක් විෂය ධාරාවන් සඳහා නවක උසස් පෙළ ශිෂ්‍යාවන්ට ඇති පන්ති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම එක් එක් පන්තියේ සිටින ශිෂ්‍යාවන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) 2015 වර්ෂයේ දී උසස් පෙළ හැදෑරීම සඳහා කොළඹ විශාඛා විද්‍යාලයට වෙනත් විද්‍යාලයන්ගෙන් ඇතුළත් වූ ශිෂ්‍යාවන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ)(v) හි සඳහන් එක් එක් ශිෂ්‍යාවගේ නම, දිස්ත්‍රික්කය, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් පාසල හා උසස් පෙළ විභාගය සඳහා හදාරන විෂය ධාරාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) විශාඛා විද්‍යාලයට ඇතුළත්වීම සඳහා එම එක් එක් ශිෂ්‍යාවට තිබූ සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) චක්‍ර ලේඛ අංක 2008/17 හා සංශෝධන ලිපි අනුව ශිෂ්‍යාවන් ඇතුළත් කර ගනු ලැබේ. පිටපත් මේ සමඟ අමුණා ඇත. ඇමුණුම 2 බලන්න.
ඒ අනුව සලකා බලන ලද නිර්ණායක
1. පළමුව මෙම පාසලෙන් විභාගයට පෙනී සිට අවශ්‍ය අවම සුදුසුකම් ලබා ගත් ශිෂ්‍යාවන් විෂය ධාරා අනුව ඇතුළත් කිරීම කරනු ලැබේ.
2. අ.පො.ස (උ.පෙළ) පන්ති නොමැති රජයේ පාසල්වලින් මෙන්ම අදාළ විෂය ධාරා නොමැති පාසල්වලින් ශිෂ්‍යාවන් ඇතුළත් කිරීම.
3. විෂය ධාරා තිබෙන පළාත් සභා පාසල් ඇතුළු සෙසු පාසල්වලින් සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා සමස්ත ලංකා තරග ජයග්‍රහණ වැනි විශේෂ දක්ෂතා ඇති ළමුන් ඇතුළත් කිරීම.
4. අධ්‍යාපන ලේකම්තුමාගේ 2014.05.26 දින දරන ඊඩි/01/10/01/169 II අංක දරන ලිපියට අනුව රජයෙන් අනුමත පෞද්ගලික පාසල්වල සිසුන්ටද රජයේ පාසල්වල සිසුන්ට සමානව සලකන ලෙස දැනුම් දී ඇති බැවින් එම පාසල්වල ශිෂ්‍යාවන්ගේ ඉල්ලුම් පත්‍රද සලකා බලන ලදී.
5. ඉහත සඳහන් ආකාරයට තෝරා ගනු ලැබූ අයදුම්කරුවන් සඳහා 2008/17 චක්‍රලේඛ ප්‍රකාරව ලකුණු ප්‍රදානය කෙරේ. එක් එක් සිසුවියන්ගේ අයදුම්පතට ඉහළ ලකුණු සඳහා ප්‍රමුඛතාව දෙනු ලැබේ.
6. සිංහල මාධ්‍ය ජීව විද්‍යා පන්ති සඳහා සහ ඉංග්‍රීසි මාධ්‍ය ජීව විද්‍යා පන්ති සඳහා "A" සාමාර්ථ 9ක් ලබා ගැනීම අත්‍යවශ්‍ය මෙන්ම පාසලේ පවත්නා ඉඩකඩ සීමිත බැවින් "A" සාමාර්ථ 9 හැරුණු කොට විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා සමස්ත ලංකා, කලාප මට්ටමේ සහතික ඇති සිසුවියන්ට මූලිකත්වය දෙනු ලැබීය.
7. ඉංග්‍රීසි මාධ්‍ය ගණිත පන්ති සඳහා "A" සාමාර්ථ 9ක් සහිත සුදුසු අයදුම්පත් ලැබීම අඩු බැවින් "A" සාමාර්ථ 8 සහ "B" සාමාර්ථය සලකා බලන ලදී. එහිදී විද්‍යාව සහ ගණිතය විෂයයන් සඳහා "A" සාමාර්ථ ලබා ගැනීම අනිවාර්ය වේ.
8. සිංහල මාධ්‍ය වාණිජ විෂය ධාරාව සඳහා A9 ලබා ගත් සිසුවියන්ද, ඉංග්‍රීසි මාධ්‍ය වාණිජ විෂය සඳහා ඉල්ලුම් කරන ලද සංඛ්‍යාව අඩු බැවින් A 9 සිට A 7 දක්වා ප්‍රතිඵල සහිත සිසුවියන්ද අදාළ පන්ති පුරප්පාඩු මත සුදුසුකම් සලකා බලා ඇතුළත් කර ඇත.
9. කලා අංශය සඳහා A 9 සිට A 7 දක්වා සාමන්‍ය පරිදි ඇතුළත් කර ගත් අතර, ඊට අඩු ප්‍රතිඵල විෂය සමගාමී සමස්ත ලංකා සහතික, තෝරා ගත් විෂය එම පාසලේ නොමැති වීම යන කරුණු මත පදනම් විය.
10. එක් පාසලකින් ශිෂ්‍යාවන් වැඩි සංඛ්‍යාවක් අයදුම්කර ඇති විට ඇබෑර්තු සීමිත බැවින් තෝරා ගැනීමේ නිර්ණායක ලෙස සමස්ත ලංකා හෝ පළාත් ජයග්‍රහණ අමතර සුදුසුකමක් ලෙස චක්‍ර ලේඛයට අනුව සලකා බලන ලදී.
11. පසු ගිය කාලයේ අත් දැකීම් අනුව ඉංග්‍රීසි භාෂාව සඳහා "A" සාමාර්ථ ලබා ගත් සිසුවියන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ හදාරන විට ලිවීමේ අපහසුතා ඇති වූ බැවින්, ඉංග්‍රීසි මාධ්‍යය ජීව විද්‍යා හා ගණිත අංශ සඳහා සිසුන් තෝරා ගැනීමේදී අ.පො.ස (සා.පෙළ) ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට "A" හෝ "B" සාමාර්ථ ලබා තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකන ලදී.
(ii) ජීව විද්‍යා විෂය ධාරාව, භෞතීය විද්‍යා විෂය ධාරාව, කලා විෂය ධාරාව, වාණිජ විෂය ධාරාව.
(iii) ඉංග්‍රීසි මාධ්‍ය ගණිත පන්ති 01
ඉංග්‍රීසි මාධ්‍ය ජීව විද්‍යා පන්ති 01
සිංහල මාධ්‍ය ගණිත 02
සිංහල මාධ්‍ය ජීව විද්‍යා 05
කලා/වාණිජ අංශය
සිංහ මාධ්‍ය වාණිජ පන්ති ප්‍රමාණය 04
ඉංග්‍රීසි මාධ්‍ය වාණිජ පන්ති ප්‍රමාණය 01
සිංහල මාධ්‍ය කලා පන්ති ප්‍රමාණය 03
(iv) 2015 වර්ෂය අ.පො.ස (උ.පෙළ) විද්‍යා ගණිත අංශයේ 12 ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව (විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවන් සහ පිටස්තර පාසල්වලින් ඇතුළත් කර ගනු ලැබූ ශිෂ්‍යාවන්ද සමඟ)
ඉංග්‍රීසි මාධ්‍ය ගණිත අංශය ළමුන් සංඛ්‍යාව 27 බැගින් පන්ති 1
ඉංග්‍රීසි මාධ්‍ය ජීව විද්‍යා අංශය ළමුන් සංඛ්‍යාව 40 බැගින් පන්ති 1
සිංහ මාධ්‍ය ගණිත අංශය ළමුන් සංඛ්‍යාව 36 බැගින් පන්ති 2
සිංහල මාධ්‍ය ජීව විද්‍යා අංශය ළමුන් සංඛ්‍යාව 37 බැගින් පන්ති 5
2015 වර්ෂය අ.පො.ස (උ.පෙළ) කලා හා වාණිජ අංශයේ 12 ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව (විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවන් සහ පිටස්තර පාසල්වලින් ඇතුළත් කර ගනු ලැබූ ශිෂ්‍යාවන් සමඟ)
වාණිජ සිංහල මාධ්‍ය පන්ති සඳහා ළමුන් සංඛ්‍යාව 28 බැගින් 4
වාණිජ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති සඳහා ළමුන් සංඛ්‍යාව 42 බැගින් 1
කලා අංශය පන්ති සඳහා ළමුන් සංඛ්‍යාව 37 බැගින් 3
(v) වෙනත් පාසල්වලින් විද්‍යා සහ ගණිත අංශයට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 81
වෙනත් විද්‍යාලවලින් කලා හා වාණිජ අංශයට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව
වාණිජ අංශය (සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය) 60
කලා අංශය 46
පාසලේ ශිෂ්‍යාවන් ඇතුළත් කළ පසුව ඉතිරි වන පුරප්පාඩු සඳහා නවක ශිෂ්‍යාවන් ඇතුළත් කිරීම සිදු කර ඇත. මෙහිදී කිව යුතු තවත් කරුණක් වන්නේ 2014 අ.පො.ස (සා.පෙළ) විභාගයේදී A 9 ලබා සමත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 203ක් වූ බැවින් ගණිත සහ විද්‍යා අංශයේ පුරප්පාඩු සීමිත සංඛ්‍යාවක් වූ බවයි.
(ආ) (i) සහ (ii) සඳහා පිළිතුරු ඇමුණුම 1හි සඳහන් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-12-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks