පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
48/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වෙළඳුන්ගේ කූට උපක‍්‍රම හේතුවෙන් කුරුඳු කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් ඇති බවත්;
(ii) ප‍්‍රමිතියෙන් බාල කුරුඳු නිෂ්පාදන අපනයනය කළ පසු නැවත ආපසු හරවා එවා ඇති බවත්; සහ
(iii) මෙම තත්ත්වය ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමයට විශාල හානියක් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) 2014 වර්ෂයේදී අපනයනයෙන් පසු ප‍්‍රමිතියෙන් බාල වීම හේතුවෙන් ආපසු හරවා එවන ලද කුරුඳු නිෂ්පාදන කවරේද;
(ii) ඒවායේ ප‍්‍රමාණය හා වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම නිෂ්පාදන අපනයනය කළේ කවුරුන්ද; සහ
(iv) එම පුද්ගලයාගේ සමාගම සම්බන්ධව නීතිමය පියවර ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) අපනයනය කරන කුරුඳු නිෂ්පාදනයන්හි ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමට මේ වනවිට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; සහ
(ii) ප‍්‍රමිතියෙන් තොර කුරුඳු අපනයනය වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(ආ) (i) කුරුඳු කූරු.
(ii) එකතු කළ ප්‍රමාණය = 142,656kg
සම්පූර්ණ දළ වටිනාකම = රු.මිලියන 185.42
(iii) සමාගම් 11කි.
දත්ත සංරක්ෂණ සාරධර්මතා සහ ආචාරධර්ම අනුගමනය කරමින් ඉහත විස්තර දක්වා ඇත.
(iv) නැත.
(ඇ) (i) අංක 1806/6 දරන 2013 අප්‍රේල් 29 දින අති විශේෂ ගැසට් පත්‍රයෙන් කුරුඳු නිෂ්පාදන අපනයනය කිරීමේදී එම නිෂ්පාදන බලයලත් පරීක්ෂණාගාරයකින් හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිළිගනු ලබන පරීක්ෂණාගාරයකින් නිකුත් කරනු ලබන අනුකූලතා සහතිකය ලබා ගැනීමෙන් පසු පමණක් සිදු කළ යුතු බවට අනිවාර්ය කරන ලදී. එම ගැසට් පත්‍රය කුරුඳු අපනයනකරුවන්ගේ විරෝධය මත පසුව නිකුත් කරන ලද අංක 1813/15 දරන 2013 ජුනි 5 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් අත් හිටුවා ඇත. එසේ වුවද, ආනයනකරුවන්ගේ ඉල්ලීම මත ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් දැනට ක්‍රියාත්මක කෙරේ.
(ii) ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට අදාළ පුහුණු වැඩසටහන් ක්ෂේත්‍ර දින වැඩ මුළු සහ සම්මන්ත්‍රණ ආදිය මඟින් පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙන ඇත. ගාල්ල, මාතර, තිහගොඩ, මාතලේ පුහුණු මධ්‍යස්ථානවල වැඩ මුළු පවත්වා ඇත.
තවද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කුරුඳු නිෂ්පාදන ප්‍රමිතියෙන් යුතුව සැකසීම සඳහා සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන ඇත. ඉදිරියේදී මෙම වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරනු ලැබේ.
ගරු අගමැතිතුමා ඊයේ ඉදිරිපත් කරපු වැඩ පිළිවෙළත් සමඟ අපි බලාපොරොත්තු වෙනවා, අපේ රටේ කුරුඳු නිෂ්පාදනය ඉදිරි අවුරුදු හතරපහ ඇතුළත වැඩි කරලා අපනයන වටිනාකම දෙගුණයකින් වැඩි කිරීමට.
(ඈ) ඉදිරියේදී ප්‍රශ්න පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-11-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දයා ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks