01

E   |     |  

 දිනය: 2015-10-23   පිළිතුර ලබා දී ඇත 

0034/2015: සපුගස්කන්ද තෙල් පිරිපහදුව : ප‍්‍රතිසංස්කරණ කටයුතු

34/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)  

(අ)         (i)      2014 වර්ෂය තුළ දී සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කළ මුදල කොපමණද;

             (ii)      එම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ සමාගම කවරේද;

(iii) එම සමාගම වෙත අදාළ ප‍්‍රතිසංස්කරණ කටයුතු ලබා දීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේද;

(iv) එසේ නම්, එම සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරයේ වටිනාකම කොපමණද;

(v) ටෙන්ඩර් ඉදිරිපත් කළ අනෙකුත් සමාගම් කවරේද;

(vi) එම සමාගම්වල නම්, ලිපින, දුරකථන අංක, අයත් රට හා ටෙන්ඩර් වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උක්ත සමාගම සඳහා ටෙන්ඩරය ලබා දීමට හේතු කවරේද;

(ii) එම සමාගම සමග කටයුතු කිරීමෙන් රජයට අලාභයක් සිදුවී ඇති බව එතුමා දන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2014 වර්ෂය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණයක් සිදු කොට නොමැත.

              (ii)      පැන නොනඟී.

            (iii)      පැන නොනඟී.

             (iv)      පැන නොනඟී.

              (v)      පැන නොනඟී.

             (vi)      පැන නොනඟී.

(ආ)         (i)      පැන නොනඟී.

              (ii)      පැන නොනඟී.

(ඇ)     පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks