01

E   |     |  

 දිනය: 2015-11-23   පිළිතුර ලබා දී ඇත 

0033/2015: මඩකළපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව: මූලික පහසුකම්

33/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ සිටින සිංහල ජනගහනය කොපමණද;

             (ii)      එම ජනතාව පදිංචිව සිටින ගම්මාන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මඩකලපුව දිස්ත‍්‍රික්කයේ, සිංහල ගම්මානයන්හි වෙසෙන ජනතාවට නිවාස, ජලය ඇතුළු මූලික පහසුකම් ප‍්‍රමාණවත් පරිදි නොලැබෙන බවත්;

(ii) එම ජනතාවගෙන් බහුතරයකට රජයේ සේවාවන් නිසි පරිදි නොලැබෙන බවත්;

(iii) එම ජනතාව තම ගම්වලින් ඉවත් කිරීමට සමහරුන් කටයුතු කරමින් සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙසෙන සිංහල ජනතාවට අවශ්‍ය නිවාස, ජලය ඇතුළු මූලික පහසුකම් ලබාදීමට  ගන්නා පියවර කවරේද;

(ii) එම ජනතාවට තම ගම්බිම්හි අයිතිය තහවුරු කර දීමට ගන්නා පියවර කවරේද;

(iii) යුද්ධය නිසා මඩකලපුවේ ගම්බිම් අතහැර වෙනත් ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූ සිංහල ජනතාව නැවත ඔවුන්ගේ පැරණි ගම්බිම් වෙත ගෙන ඒමට කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, ඒ කෙසේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2015-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks