01

E   |     |  

 දිනය: 2015-10-23   පිළිතුර ලබා දී ඇත 

0031/2015: වි‍දේශ රටවල අත් අඩංගුවේ පසු වන ශ්‍රී ලාංකික ධීවරයින් : විස්තර

31/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)         (i)      අද වනවිට වි‍දේශ රටවල අත්අඩංගුවේ පසු වන ශ්‍රී ලාංකික ධීවරයින් සංඛ්‍යාව  කොපමණද; සහ

             (ii)      ඔවුන් අත්අඩංගුවේ පසුවන රටවල් හා එක් එක් රටේ සිටින ධීවරයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) අත්අඩංගුවේ පසුවන එක් එක් ධීවරයාගේ  නම, ලිපිනය, දුරකථන අංකය හා අත් අඩංගුවේ පසුවන කාල සීමාව වෙන් වෙන් ‍වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) (i) අත්අඩංගුවට පත්වන ධීවරයන් කඩිනමින් මුදා ගැනීමට කටයුතු නොකරන්නේ මන්ද;

(ii) ධීවරයන් මුහුදු සීමා උල්ලංඝනය කිරීම වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද;

(iii) අත්අඩංගුවට පත් ධීවරයන් නිදහස් වූ පසු තම රැකියාව නැවත ආරම්භ කිරීම සඳහා සහාය ලබා දෙන්නේද; සහ

 

(iv) එසේ නම්, ඒ කෙසේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?       

 (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අද වන විට කිසිදු ශ්‍රී ලංකික ධීවරයෙක් විදේශ අත් අඩංගුවේ පසු නොවේ.

              (ii)      අදාළ නොවේ.

(ආ)     අදාළ නොවේ.

(ඇ)         (i)      අත් අඩංගුවට පත් ධීවරයින් මුදා ගැනීමේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සිදු කරන අතර, ධීවරයින් අත් අඩංගුවේ පසු වන රටවල් සමඟ සාකච්ඡා කර ධීවරයින් සහ යාත්‍රා නිදහස් කර ගැනීම සඳහා එම රටවල දූත මණ්ඩල වෙත දන්වා යවන අතර, මෙය අත් අඩංගුවට පත් වන රටේ නීතිය හා සම්බන්ධ කරුණක් වන බැවින් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ.

(ii) මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුවත් කිරීමේ වැඩ මුළු පවත්වාගෙන යන අතර, යාත්‍රා 1,351ක් සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය -VSM- හා සම්බන්ධ ට්‍රාන්ස්පොන්ඩර්ස් සවි කර යාත්‍රා නිරීක්ෂණය සිදු කරමින් පවතී. එමඟින් දේශ සීමාව උල්ලංඝනය කරන අවස්ථාවල පූර්ව අනතුරු ඇඟවීම් අඛණ්ඩව සිදු කරයි.

විදේශ මුහුදු සීමා උල්ලංඝනය වැළැක්වීමට අදාළව නව රෙගුලාසි සකස් කර ඇත.

දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් ධීවර යාත්‍රා හිමියන්, නියමුවන් හා ගැනියන් දැනුවත් කිරීම සිදු කරයි. ඒ අනුව මේ වන විට වැඩසටහන් 38ක් පවත්වා 3,000ක පිරිසක් දැනුවත් කර ඇත.

දැනුවත් කිරීමේ අත් ප්‍රතිකා හා උපදෙස් පත්‍රිකා සකස් කර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මඟින් බෙදා හැරීම.

සයුර ගුවන් විදුලිය මඟින් දෛනිකව දැනුවත් කිරීම.

(iii) නිදහස් වූ පසු එම ධීවරයින් එම ධීවර යාත්‍රාවේම හෝ වෙනත් යාත්‍රාවන්හි සිය රැකියාව නැවත ආරම්භ කරනු ඇත. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍ය නොවේ.

(iv) අදාළ නොවේ.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks