පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
30/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) 2014 වර්ෂයේදී පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් සඳහා වෙන් කළ මුදල කොපමණද;
(ii) එම මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iii) මෙම මුදල වැය කළ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් වෙන් වෙන් වශයෙන් කවරේද; සහ
(iv) එම වැඩසටහන් මගින් රටට ලැබුණු ප්‍රතිලාභ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සඳහා එවකට පැවති තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සිදු කරන ලද කටයුතු කවරේද;
(ii) 2014 වර්ෂයේදී ඉදිරිපත් වූ නව නිපැයුම් කවරේද;
(iii) එම නව නිපැයුම් ඉදිරිපත් කළ පුද්ගලයන් කවුරුන්ද; සහ
(iv) ඔවුන්ට ලබා දුන් අනුග්‍රහයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන මුදල වැඩි කර ගැනීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, වැඩි කිරීමට අපේක්ෂිත මුදල කොපමණද; සහ
(iii) එම මුදල වැය කිරීමට ඇති සැලසුම කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රුපියල් මිලියන 2,497කි.
(ii) සියයට 0.03 (දළ වශයෙන්)
(iii) ජාතික වශයෙන් වැදගත් වන්නා වූ පහත සඳහන් පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
1. බහු කාර්ය ගැමා පෘතුක්කාරක ව්‍යාපෘතිය
2. නැනෝ තාක්ෂණය සම්බන්ධ පර්යේෂණ
3. ආහාර හා ඖෂධ සම්බන්ධ පර්යේෂණ
4. ජෛව තාක්ෂණය සම්බන්ධ පර්යේෂණ
5. ජාතික ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන්
6. නව නිපැයුම් ආශ්‍රිත සංවර්ධන වැඩසටහන්
7. මූලික අධ්‍යයන සංවර්ධන වැඩසටහන්
8. ග්‍රහලෝකාගාරය සඳහා නව ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ලබා ගැනීමේ ව්‍යාපෘතිය
9. විදුලි සන්දේශ හා ඉලෙක්ට්‍රොනික භාවිතය සම්බන්ධ පර්යේෂණ
10.කර්මාන්ත අංශ සඳහා අවශ්‍ය ප්‍රමිතීන් හඳුන්වා දීමේ වැඩසටහන්
11.විද්‍යාව ප්‍රචලිත කිරීමේ වැඩසටහන්
12.විද්‍යාත්මක පුහුණුවීම් වැඩසටහන්
13.විදාතා වැඩසටහන යටතේ බිම් මට්ටමේ පුහුණු හා සංවර්ධන වැඩසටහන්
(iv) 1. පරිසරයට හිතකර ජෛව පොහොර, නැනෝ පටල යොදා ගත් විදුලි බුබුළු වැනි ශ්‍රී ලාංකීය නව නිපැයුම් මඟින්, ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගැනීමට හැකිවීම.
2. නව නිපැයුම් ඇගයීමට ලක් කිරීම තුළින් නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම මත දේශීය වශයෙන් නව නිපැයුම් බිහි කිරීමේ ප්‍රවණතාව වැඩි කිරීම.
3. ජාතික වශයෙන් හඳුනා ගත් වැදගත් ප්‍රශ්න, එනම් හඳුනා නොගත් වකුගඩු රෝගය, සහල්වල ආසනික් තත්ත්වය, කිරි පිටිවල මෙලමයින් හා DCD සඳහා පර්යේෂණ කිරීම හරහා විසඳුම් සෙවීම
4. ලාභදායී ගොඩනැඟිලි තාක්ෂණය හඳුන්වා දීමට හැකි වීම.
5. තාක්ෂණ පැවරුම් වැඩසටහන් පැවැත්වීම හා විදාතා තත්ත්ව සහතික හඳුන්වා දීම තුළින් ග්‍රාමීය මට්ටමේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීම.
6. විවිධ ක්ෂේත්‍රවලට ප්‍රමිතීන් හඳුන්වා දීම තුළින් දේශීය භාණ්ඩවල ප්‍රමිතිය පවත්වා ගැනීමට ඉවහල් වීම හා එමඟින් ජාතික ආදායමට දායකත්වය සැපයීම.
7. ජාතික වශයෙන් පුම්‍රඛතාව අනුව පෙළ ගැස්වූ විෂය ක්ෂේත්‍ර 10ක් ඇතුළත් කර ආයෝජන රාමුවක් හඳුන්වා දීමට හැකි වීම.
(ආ) (i) 1. ශ්‍රී ලංකාවේ පේටන්ට් බලපත්‍ර ලබා ඇති ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන්ගේ නව නිපැයුම් දිරිගැන්වීම සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම.
2. "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය, තරගය සහ නව නිපැයුම් වෙළෙඳ පොළ සංවිධානය කිරීම.
3. ශ්‍රී ලාංකීය නව නිපැයුම් ජිනීවා අන්තර්ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය සහ තරගය සඳහා සහභාගී කරවීම මඟින් අන්තර්ජාතික සම්මාන දිනා ගැනීමට සහ අන්තර්ජාතික වෙළෙඳ පොළ හඳුනා ගැනීම සඳහා අවස්ථාව උදා කරදීම.
4. විවිධ පෞද්ගලික ආයතන හා නව නිපැයුම්කරුවන් සම්බන්ධ කරවමින් වෙළෙඳ පොළ අවස්ථා ලබා ගැනීමට සහාය වීම.
5. නව නිපැයුම්කරුවන්ගේ අරමුදල මඟින් නව නිපැයුම් වාණිජකරණය සඳහා මූල්‍ය ආධාර ලබාදීම.
6. නව නිපැයුම්කරුවන්ට ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය හරහා ව්‍යාපාර දැනුම ලබා දීම.
7. යොවුන් නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීමේ අරමුණින් පළාත් පාසල් නව නිපැයුම් ප්‍රදර්ශන සංවිධානය කිරීම හා රූපවාහිනී රියලිටි වැඩසටහන් පැවැත්වීම.
(ii) 2014 වසරේදී පහත අංශ යටතේ නව නිපැයුම් 174ක් ඉදිරිපත් වී ඇත.
පාසල් අංශය - 54
විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල අංශය - 17
විවෘත අංශය - 80
වාණිජ මට්ටමට ළඟා වූ නව නිපැයුම් - 23
එකතුව - 174
මින් ජාත්‍යන්තර සම්මානලාභී නව නිපැයුම් පහත පරිදි වේ.
1. ආරෝග්‍යශාලාවල විෂබීජ පාලනය කිරීම සඳහා නිපදවන ලද දෑත් පිරිසිදු කිරීමේ පද්ධතිය (රන් පදක්කම් සමඟ ජූරියේ විශේෂ ඇගයීම)
2. දියවැඩියා තත්ත්වය කල් තබා හඳුනා ගත හැකි කැසිකිළි පද්ධතිය (රන් පදක්කම)
3. වැසුම් නාලය සහිත දියුණු කරන ලද කොන්ඩම් කැතීටරයක් (ලෝකඩ පදක්කම)
4. පහසු විදුලි පංකා පාලනය (ලෝකඩ පදක්කම)
(iii) ජාත්‍යන්තර සම්මානලාභී නව නිපැයුම් ඉදිරිපත් කළ පුද්ගලයින් පහත පරිදිය.
1. මංජු ගුණවර්ධන මහතා (පර්යේෂණ විද්‍යාඥ) සහ හේලි සෙනෙවිරත්න මිය.
2. මංජු ගුණවර්ධන මහතා (පර්යේෂණ විද්‍යාඥ) සහ හේලි සෙනෙවිරත්න මිය.
3. මනෝජ් ගල්ගමුව මහතා සහ ආචාර්ය රිෂාඩ් මොහොමඩ් මහතා
4. එම්. අයිමන් ෆිරෝස් මහතා
මීට අමතරව ජාතික මට්ටමේ සම්මානලාභී නව නිපැයුම්කරුවන් සිටී. එම නාමාවලිය සභාගත* කරමි.
(iv) 1. තෝරා ගත් නව නිපැයුම් සඳහා සම්මාන (මුදල් ත්‍යාග, ඵලක, සහතික පත්‍ර) ප්‍රදානය කිරීම.
2. තෝරා ගත් නව නිපැයුම් ජිනීවා අන්තර්ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය සහ තරගය සඳහා සහභාගි කරවීම.
3. තෝරා ගත් නව නිපැයුම් සඳහා නව නිපැයුම්කරුවන්ගේ අරමුදලින් වාණිජකරණය සඳහා මූල්‍ය ආධාර ලබා දීම.
4. තෝරා ගත් නව නිපැයුම් පෞද්ගලික අයෝජකයින් මඟින් වාණිජකරණය කිරීම.
5. පුවත් පත් අතිරේක මඟින් නව නිපැයුම් සඳහා ප්‍රචාරය ලබා දීම.
6. රූපවාහිනී වැඩසටහන් මඟින් නව නිපැයුම් සඳහා ප්‍රචාරය ලබාදීම තුළින් නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම හා හඳුන්වා දීමට අවස්ථාවක් ලබාදීම.
(ඇ) (i) ඔව්.
(ii) රුපියල් මිලියන 1,700යි.
(iii) 1. නිනිති තාක්ෂණ ආයතනය (SLINTEC) සඳහා බීජෞෂණ මධ්‍යස්ථානයක් (Incubation Centre) ගොඩනැඟීම.
එය මේ වන විට හදා අවසානයි. දෙසැම්බර් මාසය වන විට labs ගණනාවක් අප එතැනට ගෙන යනවා.
2. නිනිති තාක්ෂණ ආයතනය (SLINTEC) සඳහා කෘත්‍රිම රසායනාගාර විද්‍යාගාරයක් (Synthetic Chemistry) හා කෘත්‍රිම ජෛව විද්‍යාගාරයක් (Synthetic Biology) ස්ථාපනය කිරීම.
3. ජාතික විදාතා මධ්‍යස්ථානයක් ගොඩනැඟීම.
4. කාර්මික තාක්ෂණ ආයතනය සඳහා නවීන පර්යේෂණ හා සංවර්ධන ගොඩනැඟිලි ඉදිකිරීම හා හල්බරාවේ දැනට අඩක් වැඩ නිම කර ඇති විද්‍යාගාරයේ වැඩ ආරම්භ කිරීම.
5. ජාතික පර්යේෂණ සභාව හා ජාතික විදාතා පදනම යන ආයතන හරහා පර්යේෂණ කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීම.
6. අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයක් (Exploratorium) ස්ථාපනය කිරීම.
7. පර්යේෂණ හා සංවර්ධන ආයෝජන රාමුව ක්‍රියාත්මක කිරීම.
8. කල් පවතින හඳුනා නොගත් වකුගඩු රෝගයට (CKDU) අර්ධ පිළියමක් ලෙස ජල පෙරනයක් හඳුන්වා දීම.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks