පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
28/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කොළඹ වරායේ බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවති දැවැන්ත තාප්පය කඩා ප්ලාස්ටික් ආවරණය සහිත කම්බි දැලක් ගැසීමට කටයුතු කර ඇති බවත්;
(ii) එය වරායේ ආරක්ෂාවට තර්ජනයක් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ඉදිකිරීම් වරාය අධිකාරිය විසින් සිදු කරන්නේද;
(ii) එම ඉදිකිරීම් පෞද්ගලික ආයතනයක් විසින් සිදු කරන්නේ නම්, එම ආයතනයේ නම, ලිපිනය සහ දුරකථන අංකය කවරේද;
(iii) එම සමාගමට එකී කොන්ත්‍රාත්තුව ලබා දීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේද;
(iv) එම ටෙන්ඩරයේ වටිනාකම කොපමණද;
(v) ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ අනෙකුත් සමාගම් කවරේද;
(vi) එම සමාගම් විසින් ඉදිරිපත් කළ ටෙන්ඩර්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) 2014 වර්ෂයේදී කොළඹ වරායේ ආරක්ෂාව සඳහා වැය කළ මුදල කොපමණද;
(ii) 2015 වර්ෂය සඳහා කොළඹ වරායේ ආරක්ෂාව සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-22
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks