පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
21/’15
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ 2007 වසරේ දේශීය හා විදේශීය බැංකු ගණනාවක් සමග හෙජින් ගිවිසුම්වලට එළඹීමේදී භාවිතා කරන ලද වැරදි ක්‍රමවේදය නිසා ලෝක වෙළඳ පොළේ තෙල්මිල පහත යෑම සමඟ අදාළ බැංකුවලට විශාල මුදලක් ගෙවීමට සිදුවීමෙන් රටට විශාල මූල්‍ය පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශනයක් කරන බව එතුමා දන්නෙහිද?
(ආ) ඉහත (අ) හි සඳහන් විමර්ශනයෙහි වත්මන් ප්‍රගතිය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) බැංකු කොපමණ සංඛ්‍යාවක් සමග හෙජින් ගිවිසුම්වලට එළඹ තිබේද;
(ii) එම ගිවිසුම් වෙනුවෙන් එක් එක් බැංකුවට ගෙවීමට සිදු වී තිබෙන මුදල් ප්‍රමාණයන් කවරේද;
(iii) තවත් කොපමණ මුදලක් ගෙවීමේ අවදානමක් පවතීද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) (i) උක්ත ගිවිසුම සඳහා එළඹීමට සහ එම අසාර්ථක ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා අනුමතිය ලබාදී ඇත්තේ කවුරුන්ද යන්න විමර්ශනවලදී හෙළිවී තිබේද;
(ii) මෙම මූල්‍ය අලාභයට වගකිවයුත්තන් හඳුනාගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-23
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks