පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
20/’15
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (2)
(අ) විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූල්‍ය සම්පත් අවභාවිත කිරීම පිළිබඳව විගණකාධිපති විසින් 2015 ජුනි මස 10 වන දින අංක IS/INV/PC/GDE/2015/04 දරන විගණන විමසුම මගින් අනාවරණය කරගෙන ඇති බව එතුමිය දන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) හි සඳහන් වන මූල්‍ය විෂමාචාරයන් කවරේද;
(ii) එම විෂමාචාරයන්ගේ වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) විගණන විමසුමෙන් හෙළිදරව් කර ඇති එම මූල්‍ය විෂමාචාරයන්ට අදාළව අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේද;
(iv) එසේ නම්, එහි වත්මන් ප්‍රගතිය කවරේද;
(v) හෙළිදරව් කර ඇති මූල්‍ය අපරාධ සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ආරම්භ කර ඇති විමර්ශනයේ වර්තමාන තත්ත්වය කවරේද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-22
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) සහ (ii) ප්‍රශ්න දෙකටම එකවර පිළිතුරු ලබා දෙනවා.
01. විදේශ රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමන - ගම්පහ, කොළඹ හා හම්බන්තොට පැවැත්වූ බවට රුපියල් 9,119,909.00ක් ගෙවීම.
විදේශ රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමන. - (ගම්පහ, කොළඹ) සඳහා ආහාර සැපයීම (රාවණා ඇල්ල ෆුඩ් ඇන්ඩ් කේටර්ස් ආයතනය වෙත රුපියල් 2,854,000යි.
පා ගමන සඳහා ටී ෂර්ට් හා තොප්පි මිලදී ගත් බවට රුපියල් 3,627,000ක් ටාටා ටේලරින් ආයතනයට ගෙවීම.
පා ගමන් සඳහා බැනර් හා බැලුන් මිලදී ගත් බවට සැලසිනේ ආයතනය වෙත රුපියල් 925,309.40ක් ගෙවීම.
විදේශ රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමනක් හම්බන්තොට පැවැත්වීමේ ප්‍රචාරක ද්‍රව්‍ය වෙනුවෙන් රුපියල් 1,713,600ක මුදලක් සැලසිනේ ආයතනය වෙත ගෙවීම.
02. කූට ලේඛන පිළියෙල කර රුපියල් 1,693,600ක මුදලක් වංචනිකව ලබා ගෙන රාජ්‍ය නොවන සංවිධානයකට පිරිනැමීම. (ISSP රක්ෂණ ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම වෙනුවෙන් ආහාර සැපයූ බවට රාවණා ඇල්ල ෆුඩ් ඇන්ඩ් කේටර්ස් ආයතනය වෙත රුපියල් 1,693,600ක මුදලක් ගෙවීම)
03. රටවිරු පවුල්වල සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පින්කම් මාලාවක් පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 3.5ක් ගෙවීම.
2013 මැයි මස හාලිඇල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සංවිධානය කරන ලද දානමය පිංකම සඳහා වැඩම කරවන මහා සංඝරත්නයට හා පිරිවෙන්වලට මූල්‍යමය ආධාර පිරිනැමීම - රුපියල් 2,000,000යි.
කිරි අම්මාවරුන්ට පිරිකර පූජා කිරීම - රුපියල් 1,500,000යි.
04. 2014 දෙසැම්බර් මස ඇති වූ නාය යෑම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රදේශයේ අවතැන් වූ රටවිරු පවුල්වලට සහන සැලසීම - රුපියල් 3,962,410යි.
05. හාලිඇල විගමණික සම්පත් මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කිරීමේ මුල්ගල තැබීමේ උත්සවයට වියදම් දැරීම - රුපියල් 9,157,060යි.
06. රටවිරු සංවිධාන සවිබල ගැන්වීමට කටයුතු කරන බවට හඟවා දේශපාලන කටයුතු සඳහා කාර්ය මණ්ඩල හා කුලී වාහන ලබා දී වැටුප්, දීමනා හා කුලී වාහන ගාස්තු ගෙවීමෙන් මුදල් අවභාවිත කිරීම - රුපියල් 9,559,884යි.
07. Employment Permit System -EPS- යටතේ දකුණු කොරියාවට විගමනය වූ ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය හා ප්‍රවර්ධන කටයුතු සඳහා Boohoon Trust Co. Ltd. ආයතනයට ගෙවීම - රුපියල් 17,524,910යි.
08. ඉඩම් බදු ගැනීම සඳහා අත්තිකාරම් ගෙවීමෙන් සිදුකළ අලාභය - රුපියල් 20,000,000යි. (බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, දියතලාව කහගොල්ලේ පිහිටි එරික්වත්ත, කහගොල්ල වැඩපළ නමැති ඉඩම හා එහි පිහිටි ගොඩනැඟිලි 99 අවුරුදු බදු පදනම යටතේ රජයේ තක්සේරු වටිනාකම එකවර ගෙවා නීත්‍යනුකූලව පවරා ගැනීම සඳහා රුපියල් 20,000,000ක අත්තිකාරම් මුදලක් සී/ස රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාවට ගෙවීම.)
09. පාසල් පොත් හා උපකරණ කට්ටල බෙදා දීමේ ආධාර වැඩසටහන 2014 - රුපියල් 9,543,552යි.
10. නාය යෑම නිසා විපතට පත් මීරියබැද්ද කොස්ලන්ද ප්‍රදේශයේ රටවිරු පවුල්වලට සහන සැලසීම - රුපියල් ලක්ෂ 1,000,000යි.
11. “රටවිරු පියස” පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා රුපියල් 553,750ක මුදලක් ආහාර පාන ලබා ගැනීමේ වියදම් හා ශාලා ගාස්තු ලෙස බදුල්ල Capital City නම් ආයතනය වෙත ගෙවා තිබීම.
12. රටවිරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනට ආහාරපාන ලබා ගැනීම සඳහා රුපියල් 661,500.00ක මුදලක් සිරිකොඩි ටේස්ට් ෆුඩ් සෙන්ටර් ආයතනය වෙත ගෙවීම.
13. අරමුණු/ පරමාර්ථවලට පටහැනිව කරන ලද ගෙවීම්- රුපියල් 14,202,350යි.
කටයුතු හා ක්‍රියාකාරකම් වැය කළ මුදල
(අ) රේඛීය අමාත්‍යවරයා ඉටු කළ සේවය ඇගයීම
වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රචාරණ
කටයුතු (කටවුට්,බැනර් ප්‍රදර්ශනය) රු. 2,265,000/=
(ආ) 2014 අප්‍රේල් 19දින බදුල්ල බක්මහ උළෙල හා
2014 අප්‍රේල් 7 දින සිට 12දින දක්වා උපහාර
උළෙල සඳහා ප්‍රචාරණ කටයුතු
(කටවුට්, බැනර්, කොඩි ප්‍රදර්ශනය) රු. 2,448,400/=
(ඇ) 2014 අප්‍රේල් 19 දින බදුල්ල බක්මහ
උළෙල රූපවාහිනී විකාශය -
(ශ්‍රී ටීවී නාලිකාව) රු. 1,568,000/=
(ඈ) ජනාධිපතිවරයා 2014 ජුනි 23දින බදුල්ලට
පැමිණීම වෙනුවෙන් පිළිගැනීම් උත්සව
ප්‍රචාරක කටයුතු රු. 1,035,000/=
(ඉ) දිවි නැඟුම වැඩසටහනේ 2014
ජුනි 6 දින ප්‍රචාරණ කටයුතු රු. 1,035,000/=
(ඊ) ජාත්‍යන්තර කම්කරු දින පෙළපාලි,
රැස්වීම් සඳහා කොඩි, ප්‍රදර්ශන
පුවරු, බැනර් රු. 615,000/=
(උ) 2014 නොවැම්බර් 08 දින අරලිය ගහ
මන්දිරයේදී ජනාධිපතිතුමාගේ
ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම වෙනුවෙන්
ආහාර, නවාතැන්, ප්‍රවාහන වියදම් රු. 3,860,694.00
(ඌ) "ඩිලාන් පෙරේරා පදනම" සංවිධානය කළ
බදුල්ල පොසොන් කලාප වැඩසටහන
වෙනුවෙන් වියදම් රු. 1,015,256.00
එකතුව රු.14,202,350.00 ============
14. රූපවාහිනි වැඩසටහන් හා ප්‍රචාරක
දැන්වීම් විකාශනය වෙනුවෙන්
කළ වියදම් - රු. 139,399,128.00
15. විදේශ රැකියා පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා "සැලසිනේ" ආයතනය වෙනුවෙන් රුපියල් 5,709,463.00ක මුදලක් ගෙවීම.
16. රටවිරු ජාතික පුවත් පත මුද්‍රණය කිරීම සඳහා රුපියල් 3,200,000ක මුදලක් ෆ්‍රෙන්ඩ්ලි ක්‍රියේෂන් ආයතනයට ගෙවීම.
17. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනිව කාර්යාංශයේ ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව අවිධිමත් ලෙස සිරිකොඩිය ටේස්ට් ෆුඩ් සෙන්ටර් ආයතනය සහ රාවණා ඇල්ල ෆුඩ් ඇන්ඩ් කේටරස් ආයතනය වෙත ප්‍රදානය කිරීම - රුපියල් 84,300/=
(ඉහත සංඛ්‍යා ලේඛන විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශේෂ විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇති පරිදිම සඳහන් කර ඇත.)
විගණන වාර්තාවේ අඩංගු වෙනත් විමසුම්
1. අධ්‍යක්ෂක (පරිපාලන) සුසිල් රණසිංහ මයා - කාර්යාංශයේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම.
2. අළෙවි විධායක එක්සිත් හපන්ගම මයා - සේවය හැර යාම.
3. අරුණි රණසිංහ මෙය - සේවය අත් හැර යාම.
(iii) විගණන විමසුමෙන් හෙළිදරව් කර ඇති මූල්‍ය විෂමාචාරයන්ට අදාළව කාර්යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මඟින් ආරම්භ කර ඇති විමර්ශනයන් හා වත්මන් ප්‍රගතිය පහත පරිදි වේ.
(iv)
|
මූල්‍ය අක්‍රමිකතාව |
වර්තමාන තත්ත්වය |
|
1. විදේශ රැකියා පිළිබඳ දැනුවත් කිරිමේ පා ගමන ගම්පහ / කොළඹ |
මූලික විමර්ශනයක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර ඇත. |
|
1.1 කැප් හා ටී ෂර්ට් මිලදී ගැනීම |
වංචා විමර්ශන අංශය වෙතද පැමිණිල්ල යොමු කිරීමට කටයුතු කර ඇත. |
|
1.2 ආහාර පාන සැපයීම |
විමර්ශන වාර්තාව සභාපතිතුමා වෙත ඉදිරිපත් කර ඇති අතර සභාපතිතුමාගේ උපදෙස් පරිදි අදාළ නිලධාරින් වෙත නිදහසට කරුණු විමසීමේ ලිපි යොමු කර ඇත. වංචා විමර්ශන අංශය වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට යොමු කර ඇත. |
|
2. 2014 දෙසැම්බර් මස ඇති වූ නාය යෑම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රදේශයේ අවතැන් වූ රටවිරු පවුල්වලට සහන සැලසීම. |
කාර්යාංශ සභාපතිතුමාගේ උපදෙස් පරිදි ඌව පළාත් වැඩබලන සහකාර කළමනාකරු සුරේෂ් කුමාර් මයා වෙත චෝදනා පත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර, අනෙකුත් නිලධාරින්ගෙන් නිදහසට කරුණු විමසීමට කටයුතු කර ඇත. |
|
3. රටවිරු ජාතික පුවත් පත මුද්‍රණය |
විමර්ශන කටයුතු අවසන් කර ඇති අතර විගණන වාර්තාව පිළියෙල කරමින් පවතී. |
|
4. ISSP රක්ෂණ ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන |
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන) විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී. |
|
5. පාසල් පොත් හා උපකරණ කට්ටල බෙදා දීමේ ආධාර වැඩසටහන |
මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති අතර එකී විමර්ශනයේ කටයුතු සිදු කරමින් පවතී. (v) හෙළිදරවු කර ඇති මූල්‍ය අපරාධ සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව විමර්ශන මේ වන විටත් සිදු වෙමින් පවතී. විමර්ශනය සඳහා අවශ්‍ය ලේඛන අවශ්‍යතාව පරිදි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා ගනිමින් පවතී. (ඇ) පැන නොනඟී.
|
පිළිතුරු දුන් දිනය
2015-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks