පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
14/’15
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) 2015 ජනාධිපතිවරණය පාදක කර ගනිමින් හිටපු විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් මත දිවිනැගුම අරමුදල් උපයෝගී කර ගනිමින් රුපියල් 20,132,277/- ක (මිලියන 20.1) GI පයිප්ප බට (කොඩිකනු) මිලදී ගෙන ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) දිවි නැගුම අරමුදලේ අරමුණු අනුව ප්‍රාදේශීය සභා සඳහා GI පයිප්ප බට මිලදී ගෙන බෙදා දීමට හැකියාවක් තිබේද;
(ii) එසේ නම්, දිවි නැගුම පනතේ කවර වගන්තියක් යටතේද;
(iii) ඒ සඳහා අනුමතිය ලබා දී ඇති බලධාරියා කවුද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙසේ මූල්‍ය අවභාවිතය තුළින් අහිමි වූ රුපියල් මිලියන 20 ක මුදල අයකර ගැනීම සඳහා වර්තමාන අමාත්‍යවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(ii) මේ සම්බන්ධ මුල්‍ය අපරාධ විමර්ශනයක් සිදු වන්නේද;
(iii) එසේ නම්, එම විමර්ශනයෙහි ප්‍රගතිය කවරේද;
(iv) මේ සම්බන්ධයෙන් පරිපාලනමය වශයෙන් ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-23
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) අදාළ GI පයිප්ප බට මිලදී ගැනීම සඳහා දිවි නැගුම අරමුදලේ මුදල් භාවිතා කර නොමැති අතර ඒ සඳහා 2014 වර්ෂයේ දිවි නැගුම දෙපාර්තමේන්තුව වෙත වෙන්කර තිබූ ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝගී කොටගෙන ඇති බව පෙනේ.
දිවි නැගුම පනතේ පර්මාර්ථ හා අරමුණු පුළුල් අර්ථයෙන් ගත්කළ දිවි නැගුම ප්‍රතිලාභින්, දිවි නැගුම ප්‍රජාමූල සංවිධාන, දිවි නැගුම ප්‍රතිලාභි සාමාජිකත්වය දරන ගම් මට්ටමේ ක්‍රියාත්මක වෙනත් ප්‍රජා සංවිධාන සමඟ සම්බන්ධීකරණයෙන් ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය නංවාලීම අරමුණු කර ඇත.
(ආ) (i) පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන හා ජනතාවගේ පොදු සමාජ අවශ්‍යතාවන්ට යොදා ගැනීම පිණිස GI බට ලබාදෙන ලෙස එවකට විෂය භාර අමාත්‍යවරයා වෙත කර තිබූ ඉල්ලීම සැලකිල්ලට ගෙන පළාත් පාලන ආයතන සඳහා GI බට ලබා දී ඇත. එම GI බට දිවි නැගුම ප්‍රතිලාභින් සම්බන්ධව වන උත්සවවලට කොඩි කණු වශයෙන් යොදා ගැනීමට අමතරව මරණාධාර සමිති වැනි ප්‍රජා සංවිධානවල තාවකාලික කූඩාරම් සකස් කිරීම, අවුරුදු පොළ, ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමේ අළෙවි ප්‍රදර්ශන හා වැඩසටහන් පැවැත්වීමේදී දිවි නැගුම ප්‍රතිලාභින්ගේ භාණ්ඩ අළෙවි පොළවල්වල තාවකාලික අළෙවි මඩු ඉදිකිරීම ආදිය සඳහා භාවිත කෙරේ.
(ii) දිවි නැගුම පනතේ පහත වගන්ති අනුව ක්‍රියාත්මක කර ඇත. (අදාළ වගන්ති අමුණා ඇත.) ඇමුණම සභාගත* කරමි.
4වන වගන්තිය - දෙපාර්තමේන්තුවේ පරමාර්ථ.
4-(ඈ) වගන්තිය
ජාතික සංවර්ධනය වේගවත් කිරීම සඳහා ජනතාව ඒක රාශී කිරීම හා සවිබල ගැන්වීම.
4-(ඊ) වගන්තිය
ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා අවශ්‍ය විය හැකි භෞතික සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
5වන වගන්තිය - ස්වකීය කාර්ය ඉටු කිරීමේදී දෙපාර්තමේන්තුවට පහත සඳහන් බලතල තිබිය යුතුය.
5-(එ) වගන්තිය
රජයේ දෙපාර්තමේන්තුවල, රාජ්‍ය ආයතනවල, පළාත් පාලන ආයතනවල, රාජ්‍ය සංස්ථාවල, පළාත් මට්ටමේ අධිකාරි ආයතනවල සහ වෙනත් පෞද්ගලික හෝ රාජ්‍ය මණ්ඩලවල, ස්වාභාවික හෝ නෛතික පුද්ගලයන්ගේ සහයෝගය ලබා ගැනීම.
5-(ඔ) වගන්තිය
ජනතාවගේ ජීවන තත්ත්වය ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් ඉහළ නංවනු ලබන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
5-(ග) වගන්තිය
දිවි නැගුම ප්‍රතිලාභීන්හට ස්වකීය නිෂ්පාදන ජාතික සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත හඳුන්වා දීමට සහ එම වෙළෙඳ පොළවලදී එම නිෂ්පාදන අළෙවි කිරීමට හැකියාව ලැබෙන පරිදි අළෙවිකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඇතුළුව අළෙවිකරණ පහසුකම් සැපයීම සහ ඒ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, පරීක්ෂා කිරීම සහ අධීක්ෂණය කිරීම.
5-(ච) වගන්තිය
රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධීකරණය පවත්වාගෙන යාම.
(iii) දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ බලතල හා කාර්යය ක්‍රියාත්මක කිරීමට පත්කර ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා.
(ඇ) (i) පළාත් පාලන ආයතනවලට GI බට මිලදී ගැනීම තුළින් එම වියදම් වූ මුදල හේතුවෙන් මූල්‍ය අවභාවිතයක් සිදු වී නොමැති අතර මිලදී ගත් සියලුම GI බට නියමිත පරිදි පළාත් පාලන ආයතන වෙනුවෙන් සභාපතිවරයා, ලේකම්වරයා හෝ වෙනත් වග කිව යුතු නිලධාරියෙකු විසින් විධිමත්ව භාරගෙන ඇති හෙයින් සහ පොදුජන අවශ්‍යතාව සඳහා මෙම බට යොදා ගන්නා හෙයින් මෙය මූල්‍ය අවභාවිතයක් හෝ අහිමි වීමක් නොවේ.
(ii) ඔව්.
(iii) මෙහි ප්‍රගතිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතින් විමසිය යුත්තකි.
(iv) මේ සම්බන්ධව පරිපාලන වශයෙන් පියවර ගැනීම ඉහත කරුණු අනුව අවශ්‍ය නොවේ.
(ඈ) ඉහත කරුණු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks