01

E   |     |  

 දිනය: 2015-10-21   පිළිතුර ලබා දී ඇත 

0013/2015: විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව : රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය

13/’15

 

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)         (i)      2015 ජනාධිපතිවරණය පාදක කර ගනිමින් සිල් රෙදි ඇතුළු විවිධ ද්‍රව්‍ය ඡන්ද දායකයාට බෙදාදීම සඳහා රුපියල් මිලියන 600 ක රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ එවකට සභාපති වූ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ එවකට අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අයට එරෙහිව ගෙන ඇති ආයතනික ක්‍රියාමාර්ග කවරේද;

(ii) මේ සම්බන්ධයෙන් සිදුකරනු ලබන මුල්‍ය අපරාධ විමර්ශනයන්ගේ වර්තමාන තත්ත්වය කවරේද; සහ

(iii) මහා පරිමාණ මුල්‍ය අපරාධයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ වගකිවයුතු බලධාරීන් මැලි වන්නේ නම්, ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) රජයට අහිමි වූ රුපියල් මිලියන 600 ක මුදල අයකර ගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(ii) විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් උපයෝගී කර ගනිමින් සිල් රෙදි බෙදා දීම හැරුණු විට 2015 ජනාධිපතිවරණයට අදාළව සිදුකරන ලද අනෙකුත් රාජ්‍ය මුල්‍ය  අවභාවිතයන් කවරේද; සහ

(​iii) ඊට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       මූල්‍ය අපරාධ විමර්ශන  කොට්ඨාසය මේ පිළිබඳ විමර්ශන   සිදු කරගෙන යන බැවින්,  එහි            නිර්දේශ මත අවශ්‍ය පියවර ගනු ඇත.

              (ii)       විමර්ශන කටයුතු  තවදුරටත් සිදු කර ගෙන යනු ලැබේ.

            (iii)       විමර්ශනවල  නිර්දේශ අනුව ක්‍රියාමාර්ග ගනු ඇත.

  (ආ)    (i)         අධිකරණයේ  තීරණය මත අවශ්‍ය පියවර ගනු ඇත.

           (ii)     මූල්‍ය අවභාවිතයන්  සම්බන්ධයෙන්  බරපතළ  වංචා හා දුෂණ විමර්ශන ජනාධිපති ‍කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව  හා මූල්‍ය අපරාධ  විමර්ශන            කොට්ඨාසය  තවදුරටත්  විමර්ශන   කටයුතු සිදු කරමින් පවතී.

          (iii)  විමර්ශන කටයුතු අවසානයේ ලබා දෙනු ලබන නිර්දේශ  අනුව කටයුතු කළ හැක.

(ඇ)       අදාළ නොවේ. 

 

පිළිතුරු දුන් දිනය

2015-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks