01

E   |     |  

 දිනය: 2015-05-19   පිළිතුර ලබා දී ඇත 

6048/2015: පුරාවිද්‍යාත්මක ස්ථාන පොදු අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම : තඹලගමුව ප්‍රාදේශීය සභාව

6048/’15

 

ගරු සී. ඒ. සූරියආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      තඹලගමුව ප්‍රාදේශීය සභාව විසින් පුරාවිද්‍යාත්මක ස්ථාන විවිධ පොදු අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       තඹලගමුව, යුනිට් 17 කොලනියේ තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දාගැබ් දෙකක නටඹුන් වනසමින් ළමා උද්‍යානයක් ඉදිකළේ කෙසේද;

(ii) ඊට එරෙහිව  නීතිය ක්‍රියාත්මක නොවුයේ මන්ද;

(iii) තඹලගමුව - තිස්සපුර ග්‍රාම‍යේ, පිඹුරු අංක ත්‍රී 51 අතිරේක අංක 16, පත්‍ර අංක 16, කැබලි අංක 576 යන පුරාවිද්‍යාත්මක භූමිය ආසන්නයේ පිහිටි සුසානභූමිය පුළුල්කිරීම මුවාවෙන් කම්බි ගසා වෙන්කර ගැනීමට  කරන උත්සාහය කවර පදනමක් මත, කුමන පාර්ශ්වයකගේ අවශ්‍යතාවයකට  සිදු කරන්නේද;

(iv) භික්ෂූන්වහන්සේලා ප්‍රමුඛ ප්‍රදේශවාසීන් ඊට විරෝධය පෑමෙන්  පසු එකී පුරාවිද්‍යා භූමිය ඔස්සේ කුඹුරුවලට යාමට තිබූ මාර්ගය අවහිර කරමින් වැටක් ඉදිකිරීම කවර පාර්ශ්වයකින් පලිගැනීම සඳහා සිදු කර තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) නැගෙනහිර පළාතේ බෞද්ධ නටඹුන් විනාශ කිරීමට පළාත් පාලන ආයතනවලට ඉඩදීමට හේතුව කවරේද;

(ii) එවැනි සිදුවීම් සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ ‍හෝ අනුබල දුන් පුද්ගලයන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නේ ද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?      

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-05-19

අසන ලද්දේ

ගරු ගරු සී. ඒ. සූරියආරච්චි මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)        ඔව්.

(ආ)          (i)      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඉදි කර ඇත.

               (ii)      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව, තඹලගමුව ප්‍රාදේශීය සභාව විසින් 2008-2010 වර්ෂවලදී ඉදිකිරීම් සිදු කර ඇති අතර, ඒ අවස්ථාවේදී එම තොරතුරු අනාවරණය නොවීම හේතුවෙන් නීතිමය පියවර ගෙන නොමැත.

(iii) සුසාන භූමිය පුළුල් කිරීමේ ප්‍රජා අවශ්‍යතාව මත තඹලගමුව ප්‍රාදේශීය සභාව විසින් සිදු කර ඇත.

(iv) නිශ්චිතව කිව නොහැක.

(ඇ) (i) නැ‍ඟෙනහිර පළාතේ හෝ වෙනත් කිසිදු පළාතක බෞද්ධ නටඹුන් විනාශ කිරීමට කිසිදු ආයතනයකට ඉඩ දීමක් සිදු කරනු නොලැබේ.

(ii) ඔව්.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-05-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks