පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6018/’15
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ රහසිගත රැඳවුම් කඳවුරු තිබේද;
(ii) එසේ නම්, එම කඳවුරු පිළිබඳ විස්තර කවරේද;
(iii) එම කඳවුරුවල රඳවා තබා සිටින රැඳවියන් කවුරුන්ද;
(iv) ඔවුන් පිළිබඳ තොරතුරු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-21
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රහසිගත රැඳවුම් කඳවුරු පවත්වා ගෙන යනු නොලැබේ. එසේම මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් දන්වා ඇති පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් ද රහසිගත රැඳවුම් කඳවුරු පවත්වා ගෙන යනු නොලැබේ.
(ii) අදාළ නැත.
(iii) අදාළ නැත.
(iv) අදාළ නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks