පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5930/’15
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පැවති රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලයන්හි තනතුරු දැරූ අයගේ රැකියා 2015.01.09 දින සිට අවසන්ව ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) අමාත්‍ය කාර්ය මණ්ඩලවල සිටි සාමාජිකයින්ට තම සේවය අවසන් වූ ඉහත දිනය දක්වා හිමි මාසික වේතන, අතිකාල හා ගමන් වියදම් දීමනා නොගෙවීමට හේතුව කවරේද;
(ii) එම සේවකයින් විසින් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නිසි පරිදි ඉල්ලුම් කළ ද, අදාළ ප්‍රතිලාභ ලබා නොදීමටත්, පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වූ එකී නිලධාරීන්ගේ එම අයදුම්පත් පවා භාර නොගැනීමටත් හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) අමාත්‍ය කාර්ය මණ්ඩල ලේකම්වරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2011ට අනුව අවුරුදු 5ක සේවා කාලය සම්පූර්ණ කර ඇති එකී ලේකම්වරුන්ගේ විශ්‍රාම වැටුප් සැකසීම සඳහා ඔවුන් පෙර සේවය කරන ලද අමාත්‍යාංශ විසින් සේවා කාලය තහවුරු කිරීම හා චර්යා සටහන් ලබාදිය යුතුව ඇතත්, බොහෝ අමාත්‍යාංශ වරින්වර අහෝසි වී ඇති තත්ත්වය යටතේ එම විෂයයන් දැනට පැවරී ඇති අමාත්‍යාංශ එකී වගකීම පැහැර හැරීමට හේතුව කවරේද;
(ii) ඉහත සඳහන් ගැටලු කඩිනමින් නිරවුල් කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-24
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ස්ථිර කාර්ය මණ්ඩලයට පරිබාහිරව බඳවාගෙන ඇති කාර්ය මණ්ඩලයන්හි තනතුරු 2015.01.09 දිනට අවසන් වේ.
(ආ) (i) එවැනි ගැටලු පවතින අමාත්‍යාංශ කවරේද යන්න නිශ්චිතව සඳහන් කරන්නේ නම් පිළිතුරු ලබා දිය හැක.
(ii) අමාත්‍ය කාර්ය මණ්ඩලවල සිටි සේවකයින් විසින් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම් පත් ප්‍රතික්ෂේප කිරීමක් සිදු කොට නොමැත.
(ඇ) (i) එම අමාත්‍යාංශ කවරේද යන්න සඳහන් කරන්නේ නම් නිශ්චිත පිළිතුරු ලබා දිය හැක.
(ii) ඉහත ගැටලු පවතින අමාත්‍යාංශ කවරේද යන්න නිශ්චිතව සඳහන් කරන්නේ නම් එම ගැටලු කඩිනමින් නිරවුල් කිරීමට පියවර ගත හැක.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks