පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5898/’15
ගරු ගීතාංජන ගුණවර්ධන මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ, සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ, පිලිප් ගුණවර්ධන ක්‍රීඩා සංකීර්ණයේ දෙවැනි අදියර වූ ක්‍රීඩා මණ්ඩපය ඉදිකිරීම මේ වන විට අවසන්කර තිබේද;
(ii) එසේ නම්, එම ක්‍රීඩා මණ්ඩපය ජනතා අයිතියට පවරන දිනය කවරේද;
(iii) එම ක්‍රීඩා සංකීර්ණයේ දෙවැනි අදියර ජනතා අයිතියට පැවරීමෙන් පසුව එහි සංවර්ධන හා නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා සීතාවකපුර නගර සභාව විසින් කර ඇති ඉල්ලීමට අනුව එම ක්‍රීඩා සංකීර්ණය එකී නගර සභාව වෙත පැවරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-09
අසන ලද්දේ
ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ක්‍රීඩා මණ්ඩපය භාර ගැනීම සම්බන්ධයෙන් සීතාවකපුර නගර සභාවේ සභාපති වෙත ලිපි මඟින් දැනුම් දී ඇති අතර, එසේ භාරගත් වහාම විවෘත කිරීම කළ හැකිය.
(iii) ඔව්.
ක්‍රීඩා මණ්ඩපය භාර ගැනීම සම්බන්ධයෙන් සීතාවකපුර නගර සභාවේ සභාපති වෙත ලිපි මඟින් දැනුම් දී ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නවීන් දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks