පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5897/’15
ගරු ගීතාංජන ගුණවර්ධන මහතා,— මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අධිශ්‍රේණි තැපැල් කාර්යාල සංඛ්‍යාව කොපමණද;
(ii) අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ, සීතාවකපුර නව අධිශ්‍රේණි තැපැල් කාර්යාලය සඳහා ගොඩනැගිලි පහසුකම් සම්පූර්ණ කර තිබේද;
(iii) එසේ නම්, එම අධිශ්‍රේණි තැපැල් කාර්යාලය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ජනතා අයිතියට පත් කොට සේවාවන් සැපයීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අවිස්සාවේල්ල තැපැල් බලප්‍රදේශය, සීතාවක තැපැල් බලප්‍රදේශය ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේද;
(ii) එසේ නම්, ඉහත (අ) (ii) හි සඳහන් තැපැල් කාර්යාලය විවෘත කිරීමත් සමග අදාළ බලප්‍රදේශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-08
අසන ලද්දේ
ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 46කි.
(ii) ඔව්.
(iii) 2015.03.10 දින මමත් අපේ හිටපු අමාත්‍යතුමාත් එම තැපැල් කාර්යාලය විවෘත කර ජනතා අයිතියට පත් කළා.
(ආ) (i) ඔව්.
(ii) ඔව්.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks