පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5896/’15
ගරු ගීතාංජන ගුණවර්ධන මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයේදී පළාත් පාලන ආයතන මට්ටමින් නව කර්මාන්තපුර ස්ථාපිත කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) නව කර්මාන්තපුරයක් ඉදිකිරීම සඳහා අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, සාලාව වත්තේ, කනම්පැල්ල කොටසින් අක්කර 50 ක් නිදහස් කර ගැනීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවත්;
(ii) එම කර්මාන්තපුරය ස්ථාපිත කිරීම සඳහා එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැදගත් වන බවත්;
(iii) මේ වන විට එම කර්මාන්තපුරය මැදි කොටගත් මාර්ග සංවර්ධනයේ පියවරක් ලෙස ඇස්වත්ත හා රංවල යා කරමින්, කැලණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) ඉහත ආ (i) හි සඳහන් ඉඩම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-07
අසන ලද්දේ
ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතූ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
කාර්මික සංවර්ධනයක් ළඟා කර ගැනීම අරමුණු කරගෙන මෙම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩ සටහන යටතේ මේ වන විට දිස්ත්‍රික්ක 19ක කර්මාන්තපුර 29ක් පිහිටුවා ඇත. සෑම පළාත් පාලන ආයතනයකම කර්මාන්තපුර ස්ථාපනය කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය යන කරුණ පාරිසරික හා මූල්‍යමය සිමාකාරී සාධක සමඟ සලකා බැලේ. කෙසේ වෙතත් සෑම දිස්ත්‍රික්කයක්ම ප්‍රමාණවත් ලෙස ආවරණය කරමින් කර්මාන්තපුර ස්ථාපිත කිරීම සඳහා මේ වන විටත් අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන ඉදිරියටත් වර්තමාන කාර්මික ප්‍රතිපත්තියට යටත්ව, අමාත්‍යාංශයට ලැබෙන වාර්ෂික මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී.
(ආ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(ඇ) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී ගීතාංජන ගුණවර්ධන මහතා විසින් පුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කනම්පැල්ලවත්තෙන් අක්කර 50ක පොල් ඉඩමක් තුළ කර්මාන්තපුරයක් පිහිටුවීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සීතාවක කර්මාන්තපුරය ඉදි කිරීම සඳහා අදාළ ඉඩම නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතිනවා. ඉඩමේ වගාවට හා සේවකයන්ට රජයේ බදු ගිවිසුම් අංක 260හි ඡේද අංක 3/ඩී අනුව වන්දි ගෙවිය යුතුයි. ඒ අනුව රජයේ තක්සේරුකරු වෙතින් තක්සේරු වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කරන ලෙස "ප්‍රාදේශීය ලේකම්, සීතාවක" වෙත දන්වා තිබෙනවා. එම තක්සේරු වාර්තාව ලැබුණු පසු අදාළ වන්දි මුදල සහ කර්මාන්තපුරයේ ඉදි කිරීම් ඇස්තමේන්තුව ද ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks