01

E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5895/2015: ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්: අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසය

5895/’15

 

ගරු ගීතාංජන ගුණවර්ධන මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල නම් හා ඒවායේ ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හල්පෙවත්ත, මින්විසිතුරුගම ගම්මානයේ ජනතාව පදිංචි ඉඩම්වල අයිතිය නියමානුකූල කර දෙන ලෙස එකී ජනතාව විසින් කරනු ලබන ඉල්ලීමට එකඟ වන්නේද;

(​iii) එසේ නම්, අදාළ ඉඩම්  සඳහා ඔප්පු ලබා දෙන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දඹෝර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර 10ක ඉඩම, ගම් පුළුල් කිරීමේ පදනම යටතේ ප්‍රදේශයේ ජනතාවට බෙදා දීමට ‍යෝජනා කර තිබේද;

(ii) එසේ නම්, එකී ඉඩම ඉඩම් කච්චේරියක් මගින් එම ප්‍රදේශයේ ජනතාවට ලබා දීමට පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

                  attached....

              (ii)      ඔව්. ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ඔප්පු ලබා දිය හැකිය.

             (iii)      නිශ්චිත කාල වකවානුවක් ප්‍රකාශ කළ නොහැක. ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව කඩිනමින් ඔප්පු ලබා දීමට කටයුතු කළ හැකිය.

(ආ)         (i)      ඔව්. (දඹෝර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කොමිෂන් සභාව සතු ඉඩම අයර් වත්ත වේ.)

  (ii)   පියවර ගත නොහැක. 

(ඇ) අයර් වත්ත ඉඩමෙන් අක්කර 10ක ප්‍රමාණයක් යුද්ධයේ දී ආබාධිත තත්ත්වයට පත්ව පුනරුත්ථාපනය ලබන පාබල යුද හමුදා සොල්දාදුවන් හට නේවාසිකව පුනරුත්ථාපනය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ පවරා දීමට 2014.05.27  දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අනුමත කර ඇත. ඒ අනුව ඉඩම් අමාත්‍යාංශය හා සම්බන්ධ වී ඉදිරි කාර්යන් සිදු කරන ලෙස 2014.07.02 වන දින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙත දන්වා ඇති බැවින්, ප්‍රදේශයේ ජනතාව අතර මෙම ඉඩම බෙදා දීමට නොහැකි වී තිබේ.

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks