පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5577/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 සිට 2014 වර්ෂයේ ජූනි මස 30 වැනි දින දක්වා වූ කාල සීමාව තුළ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ අලෙවි කළ අවස්ථා ගණන කොපමණද;
(ii) එක් එක් අවස්ථා තුළදී අලෙවි කළ යකඩ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම යකඩ අලෙවියේදී ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ වාර ගණන කොපමණද;
(iv) එම එක් එක් අවස්ථාවේදී අලෙවි කළ යකඩ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එමගින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ලැබූ ආදායම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් අවස්ථා අතරින් ටෙන්ඩර් පරිපාටියෙන් තොරව කටයුතු කළ අවස්ථා තිබේද;
(ii) එසේ නම්, එම අවස්ථා ගණන කොපමණද;
(iii) එය සිදු කළ පදනම කවරේද;
(iv) එසේ අලෙවි කළ යකඩ ප්‍රමාණය කොපමණද;
(v) ඒවා කුමන පුද්ගලයන් වෙත අලෙවි කළේද;
(vi) එම එක් එක් පුද්ගලයාට අලෙවි කළ යකඩ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vii) එමගින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබුණු ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-07
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 15කි.
(ii)
|
අනු අංකය |
ටෙන්ඩර් අංකය |
අළෙවි කළ යකඩ ප්‍රමාණය |
|
01 |
SRS/F.6813 |
මෙට්‍රික් ටොන් 500 |
|
02 |
SRS/F.6825 |
මෙට්‍රික් ටොන් 450 |
|
03 |
SRS/F.6886 |
මෙට්‍රික් ටොන් 90 (තොගය වශයෙන්) |
|
04 |
Disposal of Material/ Misc. 2012 |
රේල් පීලි 100 |
|
05 |
SRS/F.6943 |
මෙට්‍රික් ටොන් 1,120 |
|
06 |
SRS/F.6927 |
මෙට්‍රික් ටොන් 1,000 |
|
07 |
SRS/F.7010 |
මෙට්‍රික් ටොන් 5.1(තොගය වශයෙන්) |
|
08 |
Disposal of Material/ Misc. 2012 |
රේල් පීලි දික් අඩි 5,000 |
|
09 |
SRS/F.6985 |
මෙට්‍රික් ටොන් 470 |
|
10 |
SRS/F.6998 |
මෙට්‍රික් ටොන් 256 |
|
11 |
SRS/F.7082 |
මෙට්‍රික් ටොන් 68.45 |
|
12 |
SRS/F.7044/1 |
මෙට්‍රික් ටොන් 40 මෙට්‍රික් ටොන් 206 මෙට්‍රික් ටොන් 468 මෙට්‍රික් ටොන් 193 |
|
13 |
SRS/F.7044 |
මෙට්‍රික් ටොන් 200 |
|
14 |
SRS/F.7044/2 |
මෙට්‍රික් ටොන් 250 මෙට්‍රික් ටොන් 150 |
|
15 |
Disposal of Material/ Misc. 2012 |
රේල් පීලි 367 |
(iii) 12කි.
(iv) ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් අබලි යකඩ අළෙවි කළ අවස්ථා පහත පරිදි වේ.
|
අනු අංකය |
ටෙන්ඩර් අංකය |
අළෙවි කළ යකඩ ප්‍රමාණය |
|
01 |
SRS/F.6813 |
මෙට්‍රික් ටොන් 500 |
|
02 |
SRS/F.6825 |
මෙට්‍රික් ටොන් 450 |
|
03 |
SRS/F.6886 |
මෙට්‍රික් ටොන් 90 (තොගය වශයෙන්) |
|
04 |
SRS/F.6943 |
මෙට්‍රික් ටොන් 1120 |
|
05 |
SRS/F.6927 |
මෙට්‍රික් ටොන් 1000 |
|
06 |
SRS/F.7010 |
මෙට්‍රික් ටොන් 5.1(තොගය වශයෙන්) |
|
07 |
SRS/F.6985 |
මෙට්‍රික් ටොන් 470 |
|
08 |
SRS/F.6998 |
මෙට්‍රික් ටොන් 256(තොගය වශයෙන්) |
|
09 |
SRS/F.7082 |
මෙට්‍රික් ටොන් 68.45 |
|
10 |
SRS/F.7044/1 |
මෙට්‍රික් ටොන් 40 මෙට්‍රික් ටොන් 206 මෙට්‍රික් ටොන් 468 මෙට්‍රික් ටොන් 193 |
|
11 |
SRS/F.7044 |
මෙට්‍රික් ටොන් 200 |
|
12 |
SRS/F.7044/2 |
මෙට්‍රික් ටොන් 250 මෙට්‍රික් ටොන් 150 |
(v) ඔව්.
රුපියල් 309,210,129.96කි. (රුපියල් මිලියන 309.21කි )
(ආ) (i) ඔව්.
(ii) 03කි.
(iii) හිටපු ප්‍රවාහන අමාත්‍යතුමාගේ උපදෙස්වලට යටත්ව එවකට සිටි දුම්රිය සාමාන්‍යාධිකාරිගේ අනුමැතිය පරිදි.
(iv) ගර්හිත රේල්පීලි 467ක් සහ
ගර්හිත රේල්පීලි දික් අඩි 5000ක්.
(v) නලීන් ප්‍රනාන්දු මහතා - කොළඹ 06
ටී.ඩී.ජී.එල්.කේ. වංශනාථ මහතා - පිළියන්දල
(vi) නලින් ප්‍රනාන්දු මහතාට ගර්හිත රේල්පීලි 100ක් හා ගර්හිත රේල්පීලි දික් අඩි 5000ක්. ටී.ඩී.ජී.එල්.කේ. වංශනාථ මහතාට ගර්භිත රේල්පීලි 367ක්.
(vii) නලීන් ප්‍රනාන්දු මහතාගෙන් රු.7,983,322.48 (රු. මිලියන 7.983)
ටී.ඩී.ජී.එල්.කේ. වංශනාථ මහතාගෙන් රු.13,878,370.99 (රු. මිලියන 13.878)
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks