01

E   |     |  

 දිනය: 2015-03-17   පිළිතුර ලබා දී ඇත 

5566/2015: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: තාර ආනයනය

5566/’14

 

ගරු අනුර දිසානායක මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවට තාර ගෙන්වීමේ බලය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් හිමිව පැවතියේද;

            (ii)       එම බලය තවමත් එම සංස්ථාව සතුව පවතින්නේද;

           (iii)       ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව, වෙනත් සමාගම්වලට තාර ගෙන්වීමට අවසර දී තිබේද;

(iv) එසේ නම්, එම සමාගම් කවරේද;

(v) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පැවති එම බලය අහෝසි කළේ මන්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-17

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(i)        නැත.

           1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතට අනුව තාර ආනයනය කිරීමේ බලය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත හිමි වුවද, ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වෙනත් පාර්ශ්වයනට අවසර ලබා දීමේ බලය විෂය භාර අමාත්‍යවරයා සතු විය.

(ii)       පැන නොනඟී.

(iii)      ඔව්.

(iv)          1.      ලංකා ඉන්දියන් ඔයිල් සමාගම

                2.      මාර්ග සංවර්ධන අධිකාරිය

මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පහත ආයතන සඳහා තාර ආනයනය කිරීම සිදු කර ඇත.

(i) චයින හාබර් ඉංජිනියරින් කම්පැනි

(ii) නිව් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගම

(iii) හවෙල් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගම

(iv) කේඩීඒ වීරසිංහ සහ (පුද්) සමාගම

(v) චයින මැටයුජිකල් ගෲප් කෝපරේෂන්

(vi) බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය

(vii) කේඩී ඊබට් ඇන්ඩ් සන්ස් හෝල්ඩින් (පුද්) සමාගම

(viii) එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි සමාගම

(ix) මග නැඟුම ඉමල්ෂන් ‍ප්‍රඩක්ෂන්ස් (පුද්) සමාගම

(x) නිව් නවලෝක ට්‍රේඩින් කම්පැනි ලිමිටඩ්

3. මහා මාර්ග ඉදිකිරීම් හා සංවර්ධන කටයුතුවල නියුතු සමාගම්

(i) ලංකා රෝඩ්කෙම් පුද්ගලික සමාගම

(ii) සන්ස්ටාර් ට්‍රේඩින් සමාගම

(iii) පෙට්ට්‍රෝන් ලංකා සමාගම

(iv) මාගා ඉන්ජිනියරින් පුද්ගලික සමාගම

(v) බිටුලින්ක් ඉමල්ෂන් පුද්ගලික සමාගම

(v) අදාළ නොවේ.

ඒ අනුව පහත සඳහන් කරුණු මත වෙනත් සමාගම්වලට අවසර ලබා දී ඇත.

ගරු මන්ත්‍රීතුමනි, ඒ කාරණයට එවලා තිබෙන උත්තරය සම්බන්ධයෙන් මා සෑහීමකට පත් වන්නේත් නැහැ. උත්තරයේ සඳහන් වන්නේ මෙසේයි:

ඉරාන සම්බාධක පැනවීම හේතුවෙන් වෙළෙඳ පොළ තුළ තාර හිඟයක් ඇති වීම සහ රට තුළ සංවර්ධන කටයුතු සඳහා තාර ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් රට තුළ තාර ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම.

මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් එක වර ක්‍රියාත්මක වීමත් සමග වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය, අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත තාර ආනයනය කිරීමේ අනුමැතිය ලබා ගැනීම.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks