පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5434/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තම නිෂ්පාදනවලට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා ට්‍රැඩ් ලංකා පුද්ගලික සමාගම වෙත කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේද;
(ii) එසේ නම්, එම කොන්ත්‍රාත්තුවේ වටිනාකම කොපමණද;
(iii) එම ආයතනය වෙත එකී කොන්ත්‍රාත්තුව ලබාදීමේදී පිළිගත් ටෙන්ඩර් ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේද;
(iv) ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේ නම්, මිල ගණන් ඉදිරිපත් කර තිබූ ආයතන හා අදාළ මිල ගණන් කවරේද;
(v) එම මිල ගණන් කැඳවීම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුමන අංශයේ කුමන නිලධාරියා විසින් සිදු කරනු ලැබුවේද;
(vi) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ එසේ කටයුතු කිරීම සඳහා ඔවුන්ට නීත්‍යානුකූල බලයක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත අ (i) හි සඳහන් කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබේ නම්, එම ආයතනය තෝරා ගත් පදනම කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2014 වර්ෂයේදී හදුන්වා දුන් Lanka Super Diesel 4 Star සහ Ceypetco Hyrax ලිහිසි තෙල් යන නිෂ්පාදනවලට අදාළ රූපවාහිනී හා ගුවන්විදුලි වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ කටයුතු 2014.06.06 දින අංක 87/1/2 ශාන්ත අන්තෝනි මාවත, කොළඹ 3 පිහිටි සීමාසහිත ට්‍රැඩ් ලංකා පෞද්ගලික ආයතනය වෙත ලබා දී ඇත.
(ii) ඉහත රූපවාහිනී සහ ගුවන්විදුලි වෙළඳ දැන්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් 47,72,500කි. මෙම වෙළඳ දැන්වීම් සඳහා නිරූපන ශිල්පීන් වශයෙන් කටයුතු කළ ගාමින්ද පියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද මහත්වරුන්ට ගෙවනු ලැබූ රුපියල් ලක්ෂ 6ක මුදලද මීට ඇතුළත්ව ඇත.
ඉහත මුදලට ජාතිය ගොඩ නැඟීමේ බද්ද සියයට 20ක් ද, අගය එකතු කිරීම මත සියයට 12ක වැට් ද ඇතුළත් විය යුතු අතර අදාළ බදු සහිතව ගෙවා ඇති මුළු මුදල රුපියල් 54,52,104කි.
(iii) නැත.
වෙළඳ දැන්වීම් නිර්මාණාත්මක කාර්යයන්හිදී සාමාන්‍යයෙන් සිදු කරන්නේ නිර්මාණාත්මක යෝජනා හා මිල ගණන් වෙන් වෙන්ව සලකා බැලීම හෝ නිර්මාණාත්මක යෝජනාවේ ඇති ඵලදායක බව නිර්මාණශීලිත්වය මිල නිර්මාණක සමාගමේ කොන්දේසි පිළිබඳව සලකා බැලීම වන අතර මෙය අළෙවියේදී "Credential Pitch" ලෙස හඳුන්වයි. මෙහිදි මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කර නැත.
(iv) ටෙන්ඩර් මගින් මිල ගණන් කැඳවීමක් සිදු කර නැත.
(v) ටෙන්ඩර් මගින් මිල ගණන් කැඳවීමක් සිදු කර නැති බැවින් පිළිතුරු සැපයිය නොහැක.
(vi) පසුබිම් වාර්තාවේ මීට අදාළව කටයුතු සිදු වී ඇති බව පැහැදිලි කර ඇත. එවකට සංස්ථාවේ වැඩබලන සභාපතිවරයාගේ උපදෙස් සහ අනුමතිය පරිදි ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම කටයුතු සීමාසහිත " ට්‍රැඩ් ලංකා පුද්ගලික සමාගම" වෙත ලබා දී ඇත.
(ආ) වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව එවකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැඩ බලන සභාපති එස්. සමරසේකර මහතාගේ පූර්ණ අනුමැතිය මත "සීමා සහිත ට්‍රැඩ් ලංකා පුද්ගලික සමාගම" වෙත ලබා දී ඇති අතර එවකට අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන්ද කටයුතු කළේ ඔහුය. අග්‍රාමාත්‍ය කාර්යාලයට අදාළ වෙළෙඳ දැන්වීම් නිර්මාණය කර ඇත්තේද ඉහත කී සමාගමයි. මීට අදාළව තොරතුරු පසුබිම් වාර්තාවේ සඳහන් කර ඇත. මෙම ආයතනය වෙත කරන ලද සියලු ගෙවීම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගෙවා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks