பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-03-19
கேட்டவர்
கௌரவ அஜித் மான்னப்பெரும, பா.உ.
அமைச்சு
மின்வலு, எரிசக்தி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) ඔව්.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2014 වර්ෂයේදී හදුන්වා දුන් Lanka Super Diesel 4 Star සහ Ceypetco Hyrax ලිහිසි තෙල් යන නිෂ්පාදනවලට අදාළ රූපවාහිනී හා ගුවන්විදුලි වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ කටයුතු 2014.06.06 දින අංක 87/1/2 ශාන්ත අන්තෝනි මාවත, කොළඹ 3 පිහිටි සීමාසහිත ට්‍රැඩ් ලංකා පෞද්ගලික ආයතනය වෙත ලබා දී ඇත.
(ii) ඉහත රූපවාහිනී සහ ගුවන්විදුලි වෙළඳ දැන්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් 47,72,500කි. මෙම වෙළඳ දැන්වීම් සඳහා නිරූපන ශිල්පීන් වශයෙන් කටයුතු කළ ගාමින්ද පියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද මහත්වරුන්ට ගෙවනු ලැබූ රුපියල් ලක්ෂ 6ක මුදලද මීට ඇතුළත්ව ඇත.
ඉහත මුදලට ජාතිය ගොඩ නැඟීමේ බද්ද සියයට 20ක් ද, අගය එකතු කිරීම මත සියයට 12ක වැට් ද ඇතුළත් විය යුතු අතර අදාළ බදු සහිතව ගෙවා ඇති මුළු මුදල රුපියල් 54,52,104කි.
(iii) නැත.
වෙළඳ දැන්වීම් නිර්මාණාත්මක කාර්යයන්හිදී සාමාන්‍යයෙන් සිදු කරන්නේ නිර්මාණාත්මක යෝජනා හා මිල ගණන් වෙන් වෙන්ව සලකා බැලීම හෝ නිර්මාණාත්මක යෝජනාවේ ඇති ඵලදායක බව නිර්මාණශීලිත්වය මිල නිර්මාණක සමාගමේ කොන්දේසි පිළිබඳව සලකා බැලීම වන අතර මෙය අළෙවියේදී "Credential Pitch" ලෙස හඳුන්වයි. මෙහිදි මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කර නැත.
(iv) ටෙන්ඩර් මගින් මිල ගණන් කැඳවීමක් සිදු කර නැත.
(v) ටෙන්ඩර් මගින් මිල ගණන් කැඳවීමක් සිදු කර නැති බැවින් පිළිතුරු සැපයිය නොහැක.
(vi) පසුබිම් වාර්තාවේ මීට අදාළව කටයුතු සිදු වී ඇති බව පැහැදිලි කර ඇත. එවකට සංස්ථාවේ වැඩබලන සභාපතිවරයාගේ උපදෙස් සහ අනුමතිය පරිදි ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම කටයුතු සීමාසහිත " ට්‍රැඩ් ලංකා පුද්ගලික සමාගම" වෙත ලබා දී ඇත.
(ආ) වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව එවකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැඩ බලන සභාපති එස්. සමරසේකර මහතාගේ පූර්ණ අනුමැතිය මත "සීමා සහිත ට්‍රැඩ් ලංකා පුද්ගලික සමාගම" වෙත ලබා දී ඇති අතර එවකට අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන්ද කටයුතු කළේ ඔහුය. අග්‍රාමාත්‍ය කාර්යාලයට අදාළ වෙළෙඳ දැන්වීම් නිර්මාණය කර ඇත්තේද ඉහත කී සමාගමයි. මීට අදාළව තොරතුරු පසුබිම් වාර්තාවේ සඳහන් කර ඇත. මෙම ආයතනය වෙත කරන ලද සියලු ගෙවීම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගෙවා ඇත.
(ඇ) අදාළ නොවේ.
பதில் தேதி
2015-03-19
பதில் அளித்தார்
கௌரவ பாலித ரங்கே பண்டார, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks